IMF ශ්‍රී ලංකාවට ගෙනා අමුතු යෝජනාව...

Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Oct 14, 2022 01:48 PM GMT
Report

වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්වලට බලපෑම් සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

වොෂින්ටහි පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළකර තිබේ.

එහිදී ශ්‍රී ලංකාව ඇතුළුව ණය අර්බුදයට මුහුණපා ඇති රටවල් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ඇය වැඩිදුරටත් අදහස් පළ කර තිබුණි.

"වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා අප බලපෑම් කරනවා. නිශ්චිත පුරෝකථනයක් සිදුකළ හැකි මාර්ගෝපදේශය සහිත රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු ණය හිමියන්ට සමානව සැලකුමක් සහිත පොදු යාන්ත්‍රණයක් තමයි අපිට අවශ්‍ය වන්නේ. ඒ වගේම එවැනි ණය ආදායකයන්ගේ සම්බන්ධීකරණයක් ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් සහිත රටවල් වෙත ව්‍යාප්ත කිරීම පිළිබඳව ද අප සලකා බලනවා."

"ඒ අනුව අපට මේ සතියේ කළ යුතුදේ බෝහෝයි. කඩිනම් අවශ්‍යතාව හඳුනාගෙන, එක්ව කටයුතු කිරීමෙන් මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට වෙනසක් ගෙනආ හැකි බව අප වටහා ගත යුතුයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now