ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis IMF Sri Lanka
By Sewvandhi Sep 14, 2022 06:32 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය පවසයි.

ණය අර්බුදයට ලක්වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය.

"ශ්‍රී ලංකාව සැලකූවිට ප්‍රධාන ණය හිමි රටවල් තුනක් සිටිනවා. ජපානය, ඉන්දියාව සහ චීනය. අපි දැඩි අපේක්ෂාවකින් පසුවනවා එම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයක් කඩිනමින් සිදුවේවි කියා. ඉන්පසු අනෙකුත් පරාමිතීන් සැලකිල්ලට ගන්න සිදුවනවා පෞද්ගලික අංශයත් ඊට එක්කරගනිමින්."

"පොදු දෙයක් තමයි අපි මෙම ප්‍රශ්නය පිළිබඳ කටයුතු කරද්දි එය හදිසි අවශ්‍යතාවයක් ලෙස පිළිනොගන්නා බව. අප දන්නවා කුමක් කළ යුතුද කියා. පළමුවැන්න ඔබට ණය පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි. අපට කොටසක් නොව මුළු ගැටලුවම දැකීම අවශ්‍යයි. දෙවැන්න සියලුම ණය හිමියන්ට සමාන සැලකීමක් අවශ්‍යයි. තුන්වනුව සියලු ණය හිමියන් එක්කරන සංවිධානාත්මක සැලැස්මක් අවශ්‍යයි. සිව්වනුව අපට එම රටවලින් දේශපාලන අභිලාෂයක් අවශ්‍යවනවා ණය හිමියන් සමග මෙන්ම අප සමගත් අනෙකුත් සංවිධානත් සමග සමාන අන්දමින් කටයුතු කිරීමට"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW