ලංකාවට IMF සහය ලැබෙන්නේ මෙහෙමයි - කළමනාකාර අධ්‍යක්ෂකවරියගෙන් විශේෂ ප්‍රකාශයක්..!
ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ආර්ථික පදනමක් සකස් විය යුතු බවය.
ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරී අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළකර තිබේ.
පවතින ආර්ථික අර්බුදයත් සමග ඇති වී ඇති තත්ත්වය දැකීමෙන් සිය හදවත බිදී ගොස් ඇති බව පෙන්වාදෙන ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසන්නේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී ඇති බවය.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නගා සිටුවීම සඳහා සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිරන්තරයෙන් සූදානමින් සිටින අතර ඒ සඳහා තාක්ෂණික කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවද ඇය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් තමන් ඉන්දියාවට ගෞරව කරන බවත් දුෂ්කර කාලවලදී සහයෝගය ලබාදීම මගින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකු බව පෙනීයන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය වැඩිදුsරටත් පෙන්වා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |