IMF ගියත් මූල්‍ය පහසුකම් නොලැබුණු හේතුව හෙළිවෙයි..!
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශාල නොමඟ යැවීමක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.
"කෝප් කමිටුවේදී යම්කිසි කාරණා වගයක් හෙළි වුණා. ඒක මාධ්‍යට ලැබෙයි. ඒ නිසා අපි කිව්වට කමක් නැහැ." "ඒ තමයි 2020 මාර්තු මාසේ IMF යායුතුයි කියලා.. හදිසි මූල්‍ය පහසුකමක් (RFI) ගන්න බොහෝදෙනා කිව්වා."
"එතකොට රජය කිව්වා..නෑ නෑ ඒක එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට මේවා ඕනේ නැහැ. අපිට පුළුවන් කරගෙන යන්න. අපිට මුදල් තියෙනවා කියලා."
"හැබැයි අද අපිට ආරංචි වුණා..රජය IMF එකත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා මේක ගන්න." "එතකොට IMF එක කියලා තියෙනවා ඔබලාගේ ණය තිරසාර නෑ කියලා. ඒ නිසා තමයි IMF එකෙන් අපිට එදා සහන ලබාගන්න බැරි වෙලා තියෙන්නේ." "එතකොට පාර්ලිමේන්තුව වගේම රටම මේ අය සම්පූර්ණයෙන්ම නොමඟ ඇරලා තිබුණේ."
"2020 මුල සිට සියලුම ඉහළ නිලධාරීන්, එවකට හිටපු මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය කියලා තියෙනවා IMF යන්න කියලා." "එතකොටත් කියලා තියෙන්නේ IMFයන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ සහ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න අවශ්‍ය නෑ කියලා. සියලු යෝජනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා."
"රුපියල් බිලියන 600ක බදු කපාහැරීම නිසා විශාල අර්බුදයකට යන බව මොවුන් සඳහන් කරලා තියෙනවා. දේශපාලන අධිකාරිය ඒ සියලුදේවල් ප්‍රතික්ෂේප කරලා."
"ඒ නිසා තමයි අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |