ප්‍රදේශ රැසකටම නීතිවිරෝධී මත්පැන් බෙදාහරින තිත් පොළක් වටලයි
Sri Lanka
Sri Lanka Police Investigation
By Sithumi
අලුත්ගම බෙන්තර සහ අවට ප්‍රදේශ රැසකටම නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කොට බෙදා හරින අලුත්ගම වැලිපිටිය ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අද උදෑසන වටලනු ලැබුවා.
කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නුවන් කෝරලගේ මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කරන ලදී.
මෙම නිෂ්පාදනාගාරයේ තිබී තිබී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා නීති විරෝධී ගෝඩා ලීටර් 27000 කට ආසන්න ප්‍රමාණයක්,ඒවා නිෂ්පාදනට යොදාගත් විශාල ප්‍රමාණයේ බැරල්, වතුර මෝටර්,ඇමෝනියා,සහ තවත් නිෂ්පාදනයට යොදාගත් උපකරණ රැසක් ම පොලිස් අත්අඩංගුවට පත්වුණා
මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත් විය ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.