නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර රාජසන්තක වූ හමර් රථය අයිතිකරුම රැගෙන යයි

Ranjith Siyambalapitiya Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Oct 05, 2022 01:35 PM GMT
Report

නීතිවිරෝධී ලෙස ආනයනය කළ හමර් රථයක් ආනයනකරුට ම වෙන්දේසි කිරීමේ සිද්ධියක් වාර්තාවී තිබේ. ඒ ගැන සතියක් ඇතුළත වාර්තාවක් කැඳවන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ මෝටර් රථයක් රාජසන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. ඒ, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමක් හරහාය. අදාළ මෝටර් රථය තවත් මෝටර් රථ 03ක් සමග මෙම වසරේ පෙබරවාරි මස 22 වනදා ශ්‍රී ලංකාවට ආයනයක කර තිබේ.

පසුව ඒවා රාජසන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා ඇති අතර එමගින් ශ්‍රී ලංකා රජයට කිසිදු අලාභයක් සිදුව නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට අපොහොසත් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කට ය. එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක අඩු මිලක් යටතේ ය. නමුත් රේගු අඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකිමින් 10%ක් නොඉක්ම වූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now