කොළඹ ගැන රජය හදිසියේම විශේෂ තීරණයකට යයි..

Colombo Government Of Sri Lanka Floods In Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 10, 2024 02:04 PM GMT
Report

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

කොළඹ ගැන රජය හදිසියේම විශේෂ තීරණයකට යයි.. | Illegal Constructions In Colombo Removed

ඒ කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

එයට අදාළ චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබාදෙන බව ද ඒ මහතා පැවසීය.

ඉන්ධන ගැන විශේෂ තීරණයක් ගනී.. එතකොට මිලට කුමක් වෙයි ද?.

ඉන්ධන ගැන විශේෂ තීරණයක් ගනී.. එතකොට මිලට කුමක් වෙයි ද?.


එමෙන්ම, කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මගින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බව ඔහු කියා සිටියේ ය.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිරවීම ජල ගැලීම්වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බව ද ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන එක්ව කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර බැසයාම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා සඳහන් කළේ ය.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කර ඇත.

මාළු කාලත් හමාර වෙයි ද?. නව මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි..

මාළු කාලත් හමාර වෙයි ද?. නව මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි..


කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරෙයි.

කෙටි කාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.