තරුණියක් රහස් ප්‍රදේශයේ සගවා ගෙන රටින් පිට කිරීමට තැත් කළ දේ..

Sri Lanka Sri Lanka Police Investigation Bandaragama
By Sewvandhi Jul 04, 2023 12:51 PM GMT
Report

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරින් විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ,රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්‍රන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04ක් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් අත් අඩංගුවට ගෙන ඇත.

 මෙම සේවිකාව අද (04) උදෑසන 08.45ට පමණ අත් අඩංගුවට ගෙන ඇති අතර, ඇය සිය රහස් ප්‍රදේශය ආශ්‍රිත ව මෙම පාර්සල් අලවාගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වනවා.

මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කරන සාප්පුවක 24 හැවිරිදි සේවිකාවක බව වාර්තා වනවා.

 ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම සිදුවීම ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය හරහා නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම, මෙම පාර්සල් 04 කිලෝ ග්‍රෑම් 05ක බරකින් යුතු වන බව වාර්තා වනවා.

තරුණිය මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ඇත.