ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල් පුර පසළොස්වක් පොහොය දිනය අදයි..

Il Full Moon Poya Sri Lankan Peoples
By Aruna Nov 26, 2023 04:34 AM GMT
Report

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා.

සම්බුද්ධ ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝදිනයක් ලෙස ඉල් පුර පසලොස්වක් පොහෝදිනය සැලකිය හැකියි.

මේ අනුව මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනකට සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල් පුර පසළොස්වක් පොහොය දිනය අදයි.. | Ill Full Moon Poyaday

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ ගේ අගසව් වූ සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් ගෙන් සමන්විතව ආගමික වතාවත් සංවිධානය කර තිබේ.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල් පුර පසළොස්වක් පොහොය දිනය අදයි.. | Ill Full Moon Poyaday