ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගාවලී දෙකකින් ඉවතට..! ලංකාව ගැන ගත් දැඩි තීරණය මෙන්න..

Football Sri Lanka
By Sewvandhi Apr 13, 2023 03:30 AM GMT
Report

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින්, ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉවත්කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්කර ඇත.

මෙම වසරේ ජනවාරි මස 21 වනදා සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමේ තීරණයට යටත්ව එම සම්මේලනය මෙම තීරණය ගෙනතිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now