ස්වාධීන පක්ෂ 11ම එක්ව ගත් නවතම තීරණය..!

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Uthaya Gammanpila Vasudeva Nanayakkara Sri Lanka Economic Crisis
By Sewvandhi Apr 28, 2022 01:19 PM GMT
Report

ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවට කොන්දේසියක් සහිතව සහභාගීවීමට තීරණය කළ බව ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 අද (28) තීරණය කර තිබේ.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවකදීය.  ජනාධිපතිවරයා විසින් හෙට (29) කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් අද (28) පැවැති සාකච්ඡාවේදී එලෙස අවසන් තීරණයක් ගෙන තිබේ.

රට මුහුණ දී ඇති අර්බුදයට පිළියමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ට හෙට පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් සිදුකර තිබුණි.

කෙසේවෙතත් පක්ෂ 11 අද තීරණය කර ඇත්තේ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය නොමැතිව තනිව සාකච්ඡාවක් ලබාදෙන්නේ නම් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමටය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා,

"ගොඩක් සතුටින් ඉන්නේ. හෙට යනවා නේ ගෝඨාභය මහත්තයා හමුවෙන්න. ආණ්ඩුවක් පිහිටුවන්න. ඇමතිකම් කරන්නේ නෑ ආයේ. හෙට සාකච්ඡාව සඳහා අපේ 50 දෙනාට වෙනම වෙලාවක් ඉල්ලලා තියෙනවා. අගමැතිතුමා ඉවත් වෙන්නේ නැත්තම් විශ්වාසභංග යෝජනාව ගේනවා. "

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා,

"සාකච්ඡා අතරතුර ලබාදුන් අමාත්‍ය ධූර නිසා ජනාධිපතිතුමා ගැන බලවත් කනගාටුවක් පක්ෂ නායකයින් අතර තිබෙනවා. අගමැතිවරයාගේ ඉවත්වීමට කලින් විකල්පය ලෑස්ති කරගන්න අවශ්‍යයි."

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා,

"අපි පක්ෂ 11 ලෙස හෙට ජනාධිපති සමග සාකච්ඡාවකට යනවා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා අපිට වෙනම වෙලාවක් මේ සඳහා දෙන්න... අපි සාකච්ඡාවට සහභාගී වෙන්නම් කියලා. ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව සමග අපි සාකච්ඡාවට සහභාගී වන්නේ නැහැ. අපි අද තීන්දු කළේ ඒක තමයි. අගමැති හෝ කැබිනට් එක ඒ සාකච්ඡාවට සහභාගී වෙනවා නම් අපි සහභාගී වෙන්නේ නැහැ. අපි ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දෙනවා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now