දැඩි ආන්දෝලනයකට තුඩුදුන්, මරණ බිය ගෙනා එන්නත නිපදවූ සමාගමේ හිමිකරුගේ පාපොච්චාරණය..

CID - Sri Lanka Police Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Nov 06, 2023 04:13 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රෝගීන් රැසකට සංකූලතා ඇති කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් වෙන වෙනම ප්‍රකාශ සටහන් කරගත් බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගියදා ආන්දෝලනයකට තුඩුදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය මෙරටට ආනයනය කළ බව කියූ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගැනුණි.

අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුවද, ඒවා මෙරටදී නිෂ්පාදනය කර ඇති බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත්තේ.

මෙවන් පසුබිමක සෞඛ්‍ය වෘත්තිය සමිති පැවසුවේ අදාළ ප්‍රතිදේහ ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර සේවයෙන් බවය.

ඒ අනුව, ඉකුත් සෙනසුරාදා ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

පැය 4කට ආසන්න කාලයක් එලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව තොරතුරු වාර්තා වෙයි. මේ අතර අද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.