පොලිස්පති පුටුවේ ජරමරේ. - පොලිස්පතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප වෙයි.

Sri Lanka Police Sri Lanka Government Of Sri Lanka
By Wayomi Nov 20, 2023 12:41 PM GMT
Report

තවමත් මෙරට නිත්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආරංචි මාර්ග වලට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පවසන පරිදි පොලිස්පති තනතුර මේ වනවිට හෑල්ලුවී ඇති බවත්, මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් එය පොලිස් දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට හේතු විය හැකි බවත්ය.

මේ අතර වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දීර්ඝ කිරීම දෙවැනි වරටත් ප්‍රතික්‍ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කර ඇති අතර පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට ලබාදී තිබෙන සිව්වැනි සේවා දීර්ඝ කිරීම ද ලබන 26 වැනිදා අවසන්වීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟ පොලිස්පති ධුරයට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සුදුසුකම් ලබා සිටිනවා.