හැමදාම කන් මසාජ් කළොත් ඔබේ සිරුරට වෙන දේ.

By Wayomi Aug 18, 2022 05:03 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හිසරදයක් හැදුණු ගමන් කරන්නේ ඔලුව ටිකක් මසාජ් කරන එක.ඇඟේපතේ අමාරුවක් හැදුණොත් අතපය, කොන්ද මසාජ් කරනවා. ඒ වගේම ඇඟේපතේ අමාරුව විතරක් නෙවෙයි හිතේ අමාරුව සුව කරන්නත් මසාජ් වලට පුළුවන්.

ආතතිය, කාංසාව, හිසරදය සහ නිදිමත කියන්නේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුකාරී හැඟීම් කිහිපයක්නේ. හැබැයි ඔබට පුළුවන් කන් දෙක මසාජ් කිරීමෙන් මනසේ ගැටලු සහ ශාරීරික අපහසුතා වලින් නිදහස් කර, ලිහිල් කරන ස්නායු සංවේදනයක් ලබාදෙනවා.

කන් මසාජ් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ


මාංශ පේශිවල වේදනාව අඩු වෙනවා

👂 කන් සම්බාහනය මගින් නිදන්ගත කොන්දේ වේදනාව අඩු කරනවා.

👂 ස්නායු කෙළවරවල් උත්තේජනය කරනවා.

👂 ඒ වගේම එන්ඩොර්ෆින් නම් හෝමෝනය මුදා හැරීමට මොළයට උදව් කරන අතර එය සතුටින් සිටීමට සහ වේදනාව අඩු කර ගන්න උදව් වෙනවා.

👂රුධිර සංසරණය වැඩිදියුණු කරන්නත් උදව් වෙනවා.


ආතතිය සහ කාංසාව අඩු වෙනවා

👂 ආතතියක්, තැතිගැන්මක්, නොසන්සුන්තාවයක්, තෙහෙට්ටුවක් හෝ කෝපයක් දැනෙනවා නම්, හෙමිහිට රවුමට ඔබේ කනේ ද්වාර ලක්ෂ්‍යය සම්බාහනය කරන්න.

👂 මේ ලක්ෂ්‍යය පිහිටා තිබෙන්නේ ඔබේ කනේ ඉහළ කවචයේ, ත්‍රිකෝණාකාර කුහරයක් ලෙස පේන කොටසෙයි.


හිසරදය සහ ඉරුවාරදය සමනය කරනවා.

👂 වේදනා නාශක ඔයාගෙ ශරීරයට සහ සෞඛ්‍යයට යම් බරපතල සහ විනාශකාරී බලපෑම් ඇති කළ හැකියි. නමුත් කන් උත්තේජනය සාමාන්‍යයෙන් හානිකර දෙයක් නෙවෙයි.


ඉක්මනින් බර අඩු කර ගත හැකියි

👂 නිතිපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම හැරුණම, දිනපතා කන් පිරිමැදීමත් අපේ බර අඩු කරගන්න උදව් වෙනවා.


නින්ද නොයාමට එරෙහිව සටන් කිරීම

👂 කන් උත්තේජනයට ලිහිල් කිරීමේ බලපෑමක් ඇති නිසා, ඔයාව සන්සුන් කර නින්දට පෙර ලිහිල් කන් සම්බාගනය කරන්න පුළුවන්.


ශක්තිමත් බවක් හා ප්‍රබෝධමත් ගතියක් ලබා දෙනවා.

👂 උදේට නැගිටලා ඔබේ කන් තව ටිකක් තීව්‍ර ලෙස අතුල්ලන්න උත්සාහ කරන්න. කන් වල ස්නායු කෙළවරවල් උත්තේජනය කිරීමෙන් සමහර මොළයේ මධ්‍යස්ථාන සක්‍රීය වී තෙහෙට්ටුව පහව යනවා. මේ චලනයන් උත්සාහ කරන්න:   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW