හිස් බඩට කෝපි පානය කළොත් සිරුරට සිදු වන දේ.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Sep 02, 2022 06:14 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කැෆේන් කියන්නේ සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න පානයක්. එමඟින් මොළයේ සාන්ද්‍රණය වැඩි දියුණු කරනවා, බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා වගේම, දියවැඩියාව, ඇල්සයිමර් සහ හෘද වාහිනී රෝග වළක්වා ගන්න උදව් වෙනවා. එහෙමයි කියලා හැමවෙලේම කැෆේන් එහෙමත් නැත්නම් කෝපි බොන්න පුරුදු වෙන්න එපා.

ගොඩක් අයගේ පුරුද්දක් තමයි පොඩි බඩගින්නට, තේ එකක් වෙනුවට කෝපි එකක් බොන එක. නමුත් ඔබ දන්නවද? හිස් බඩක් මත බීම පානය කිරීම මඟින් ඔබේ සිරුරට විවිධ හානි ඇති වෙන්න පුළුවන්.අපි බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා.

☕ කෝපි මගින් ආහාර ජීර්ණ පද්ධතියට හානි කළ හැකි බවත්, ආමාශයේ අම්ල නිෂ්පාදනය උත්තේජනය කළ හැකි බවයි පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ. එමඟින් අජීර්ණ, වණ, ඔක්කාරය, ඇසිඩ් වැනි ගැටළු ඇති කරයි.

☕ සමහර පුද්ගලයින් කැෆේන් වලට අධි සංවේදී බවක් පෙන්වනවා. එය හිස් බඩක් මත හෝ ආහාර වේලක් මත කෝපි කෝප්පයක් පානය කළත්, ඔවුන් තුළ අජීර්ණ, ඔක්කාරය සහ වෙනත් රෝග ලක්ෂණ ඇති කරනවා.

☕ තවත් පොදු තර්කයක් වන්නේ හිස් බඩ මත කෝපි පානය කිරීමෙන් ආතතිය හෝමෝනය වන කෝටිසෝල් මට්ටම ඉහළ යා හැකි බවයි.

☕ කෝටිසෝල් ඔබේ අධිවෘක්ක ග්‍රන්ථි මගින් නිපදවන අතර පරිවෘත්තීය, රුධිර පීඩනය සහ රුධිර සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වෙනවා. එහෙත්, නිදන්ගත අධික මට්ටම් අස්ථි අහිමි වීම, අධි රුධිර පීඩනය, දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකියි.

☕ ඔබ අවදි වන විට කෝටිසෝල් මට්ටම් ස්වභාවිකව උපරිමයට පැමිණ, දවස පුරා අඩු වී, නින්දේ මුල් අවධියේදී නැවත ඉහළ යයි.

☕ වැදගත් කරුණ නම් කෝපි කෝටිසෝල් නිෂ්පාදනය උත්තේජනය කරයි. මේ අනුව, සමහර අය කියා සිටින්නේ කෝටිසෝල් මට්ටම දැනටමත් ඉහළ මට්ටමක පවතින විට උදේ එය පානය කිරීම භයානක විය හැකි බවයි.

☕ඊට අමතරව හිස් බඩට පානය කළොත් කැෆේන් වලට අනිසි ලෙස ඇබ්බැහි විය හැකියි.

☕ එමෙන්ම හිස්බඩ කෝපි පානයෙන් ආතතිය,කාංසාව, නොසන්සුන් බව, හෘද ස්පන්දනය සහ නරක අතට හැරීමට හේතු විය හැකියි.

☕ සමහර පුද්ගලයන්ට හිසරදය, ඉරුවාරදය සහ අධි රුධිර පීඩනය වැනි තත්වයන් ඇති කළ හැකියි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW