ඔබ මාධ්‍යවේදියෙක් නම්, ගැටලුකාරී අවස්ථාවන් වලදී බේරෙන්නේ මෙහෙමයි.

Journalists In Sri Lanka
By Wayomi Jul 12, 2022 08:49 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මාධ්‍යවේදියෙක් වුණාම තම මෙහෙවර, රාජකාරිය අකුරටම ඉටු කළ යුතුයි. සත්‍ය අසත්‍ය නිවැරදි තොරතුරු වාර්තා කිරීම කිරීම ඔබේ වගකීමයි. ඒ නිසා ඔබ නිතරම අවිහිංසාවාදී සහ සත්‍යවාදී පුද්ගලයෙක් විය යුතුමයි. ඉතින් රටේ පවතින මේ අර්බුදකාරී වාතාවරණය හමුවේ වාර්තා කිරීම් කටයුතු කරන ඔබට වැදගත් කරුණු කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

ඔබ මාධ්‍යවේදියෙකු නම්,


🎤📹 ඔබ තුවාල ලැබූ විට හෝ සිරගත වී සිටින විට ඔබ තොරතුරු වාර්තා එතරම් සුදුසු නැහැ.

🎤📹 ප්‍රචණ්ඩත්වයට දායක වෙන්න එපා.

මේ දවස් වල හැමෝම ඉන්නේ නොසන්සුන්කාරීවයි. ඒ නිසා ඔබේ මත අදහස් ප්‍රකාශ කරන්න එපා. කරුණු පමණක් සම්පූර්ණයෙන්ම සහ සත්‍යවාදීව වර්තා කරන්න .

🎤📹 ගැටුම් වලට මැදිහත් වෙන්න එපා.

ගැටුමක් සිදු වන විට ඉන්න ඉන් ඈත්ව වාර්තා කරන්න. කිසිම හේතුවක් නිසා රාජ්‍ය නිලධාරීන්ට බාධා කරන්න එපා.

🎤📹 පරිස්සම් වෙන්න.

ඔබ සිටින ස්ථානය ගැන ඔබේ පවුලේ අයට සහ හෝ සගයන්ට දන්වන්න.

🎤📹 ප්‍රහාරයක් එල්ල වුණොත්,

ඔබට පොලිසියෙන් උවමනාවෙන් පාර දීමක් සිදු වුවහොත් රජයේ රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න වග බලා ගන්න. ඔබ පොලිසිය ස්ථානයකට යාමේදී සෑම විටම නීතිඥවරයෙකු රැගෙන යන්න අමතක කරන්න එපා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW