ඔබේ නිවසේ තිබෙන මේ දේවල් නිවැරදි පිරිසිදු නොකළොත් සිදු වන දේ.

By Wayomi Sep 29, 2022 07:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පුරුද්දක් විදිහට අපි එදිනෙදා භාවිතා කරන ඇතැම් භාණ්ඩ ,උපකරණ පිරිසිදු කරනවා. හැබැයි ඔය අතරේ තියෙන සමහර අත්‍යවශ්‍යම උපකරණ පිරිසිදු කිරීම ගැන අපි වැඩි තැකීමක් කරන්නේ නැහැ. එහෙම ඔබ නොදැන පිරිසිදු නොකරන ඇතැම් උපකරණ ඔබට විවිධ සෞඛ්‍ය ගැටළු වලට මඟ පාදනවා කියලා දන්නවද?

Cutting board

🔅 ඕනෑම ගෙදරදක එළවලු අනං මනං කපන්න Cutting board එකක් අනිවාර්යයෙන්ම තියෙනවනේ. හැබැයි එක භාවිතය ගැන කලින් ඔබ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද. භාගෙට හෝදලා අරන් තමයි කපන කොටන ඒවා කරන්නේ.

🔅 නමුත් ඔබ දන්නවද? ඔය Cutting board නිවැරදිව පිරිසිදු නොකළොත් ඔබ ලෙඩ වෙන්න පුළුවන් කියලා.

🔅 එළවලු සහ මස් මාළු වර්ග කපන්න වෙන වෙනම Cutting board තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

🔅 ඒ වගේමයි එක් කැපීමකින් පසුව එය නැවත භාවිතයට ගැනීමට පෙර පිරිසිදු කිරීම අනිවාර්යයි.

🔅 Cutting board එකේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන්න උණු වතුරෙන් සෝදන්න.

🔅 ලෙමන් සහ ලුණු Cutting board මතුපිට විනාඩි 5 ක් පමණ ගිල්වා තබා සෝදන්නත් පුළුවන්.


දැව හැදි සහ බඳුන්

🔅 දැවවලට තෙතමනය ඇතුළුව බොහෝ දේ අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

🔅 ඒ නිසා දැවයෙන් තැනූ භාජනවල ආහාර ඉවත් කළ වහාම සෝදා පිරිසිදු කළ යුතුයි.

🔅 ඒවා ගබඩා කිරීමට පෙර දැවමය උපකරණ හොඳින් වියළා ගැනීම මගින් පසුකාලීනව ආහාර දූෂණය වීම වගේම බැක්ටීරියා පැතිරීම වළක්වා ගන්නත් පුළුවන්.


පිරිසිදු කිරීමට භාවිතා කරන ස්පොන්ජ් සහ රෙදි

🔅 මුළුතැන්ගෙය කියන්නේ ආහාර ගබඩා කර තියෙන ස්ථානය වගේම ආහාර පිළියෙල කරන ස්ථානය. ඒ නිසා එය අපවිත්‍ර වීමේ ඉඩකඩ ඉතාම වැඩියි.

🔅 විශේෂයෙන්ම පිඟන් කෝප්ප පිරිසිදු කිරීමට ගන්නා ස්පොන්ජ් කැබැල්ල 75% ට වඩා වැඩි ප්‍රමාණයක් බැක්ටීරියා මගින් අපවිත්‍ර වෙනවා.

🔅 එය නිසිපරිදි පිරිසිදු නොකර පිඟන් කෝප්ප ආදිය පිරිසිදු කරන්නට භාවිතා කිරීමෙන් වළකින්න.

🔅 මේ ස්පොන්ජ් හෝ පිරිසිදු කිරීමේ කටයුත්තට භාවිතා කරන රෙදි උතුරන වතුරේ මිනිත්තු 2 ක් පමණ පොගවා ගැනීම හෝ තෙත් වන විට සෝදලා අවුවේ දාලා හොඳින් වෙලා ගන්න.


ශීතකරණය

🔅 අපි මේවායේ සෑම වර්ගයකම ආහාර ගබඩා කර තබා ගන්නවනේ.

🔅 හැබැයි මේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමේදී ශීතකරණයේ පවිත්‍රතාවය පිළිබඳව සැලකිලිමත්වීම අනිවාර්යයි.

🔅 ඒ සඳහා නිසි පරිදි සංවිධානය වීමක් අවශ්‍ය වෙනවා.ශීතකරණයේ පිරිසිදු බව අපි ගබඩා කරන ලද ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව සඳහා අතිශයින්ම වැදගත්.


සින්ක් එක

🔅 ආහාර ආදීය එක්රැස් වන නිසා බැක්ටීරියා සහ දිලීර යන දෙකම බෝවන ස්ථානයක් බවට පත්වෙන්නට පුළුවන්.

🔅 ඒ නිසා නිතිපතා සින්ක් එක පිරිසිදු කළ යුතුයි.


බ්ලෙන්ඩරය

🔅 බ්ලෙන්ඩරය කියන්නේ මුළුතැන්ගෙයි පවතින නිතර අපවිත්‍ර වෙන තවත් එක් උපකරණයක්.

🔅 භාවිතයෙන් පසුව නිසිපරිදි පිරිසිදු නොකළොත් එය බැක්ටීරියා වර්ධනය වීමට හේතු වෙනවා.

🔅 ඒ නිසාවෙන් එය ප්‍රතිබැක්ටීරියා ඩිජර්ඩන්ට් භාවිතයෙන් සේදීමත් පස් වතාවක් පමණ භාවිතයෙන් පසුව විනාකිරි, සබන් සහ ජලය මිශ්‍රකර බ්ලෙන්ඩරයට දමා විනාඩි 5 ක් පමණ සක්‍රීය කර ඉන්පසුව පිරිසිදු ජලයෙන් සෝදා වියළා ගැනීමත් ඉතා වැදගත්.


කොට්ට

🔅 ඇඳ ඇතිරිලි හා කොට්ට උර සෝදාවේලා ගත්තත් සාමාන්‍යයෙන් කොට්ට සොදාගන්නේ නැහැනේ.

🔅 හැබැයි ඇඳ ඇතිරිලි වගේම කොට්ටයේ අපිරිසිදුභාවය ආසාත්මිකතා ඇති කරන්නට ඇස්වල හා ශරීරයේ කැසීම් ඇති කරන්නත් ඇදුම රෝගයටත් හේතුවක් වෙනවා.

🔅 ඒ නිසා තමන් භාවිතා කරන කොට්ටය අවම වසරකට දෙවරක් හෝ සෝදා වියළා ගැනීම අත්‍යවශ්‍යයි.


ජංගම දුරකථනය

🔅 අපි සෑම මොහොතකම බැලුවොත් ජංගම දුරකථනය භාවිතා කරනවා.

🔅 නිවසේදී වගේම නිවසින් පිටදී නිතර භාවිතා කෙරෙන මේ දුරකථනයේ දිනකට කෙතරම් විෂබීජ ගොඩක රැඳී පවතිනවාද.

🔅 ඒ නිසා දිනපතාම ජංගම දුරකථනය තිරය පිරිසිදු කිරීමට විශේෂයෙන් සකස් කර ඇති තෙතමනය සහිත තුවා (pre- moistened towelettes ) භාවිතා කරන්නට පුළුවන්.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW