ඉගැන්වීමට පෙර ඉගෙනුම් ආබාධ නිවැරදිව හඳුනාගන්න.

By Wayomi Sep 15, 2022 12:53 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පාසලක, පන්තියක ළමයෙක්ට උගන්වන එක ලේසි නැහැ. මොකද ගුරුවන්ට ලැබෙන ළමයි විවිධාකාරයි. සමහරු ඉගෙනීමට දක්ෂ වුණත් තවත් සමහරු ඉන්නවා ඉගෙනුමට අදක්ෂයි, එකිනෙකා ඉගෙන ගන්නේ එක එක විදිහට. උගන්වන දේවල් අවබෝධ කරගන්න ආකාරය පවා හරිම වෙනස්.

ඒ නිසා ඔබ ගුරුවරයෙක් විදිහට දරුවෙක්ට උගන්වන්න කලින් ඉගෙනීමේ වෙනස්කම්, විශේෂයෙන් ඉගෙනීමේ ආබාධ පිළිබඳ දැනුවත්භාවයක් තිබීම ඉතාමත් වැදගත්. අධ්‍යාපනික පරිසරයක මෙය වඩාත් සත්‍ය වන අතර, සියලු ගැටළු වලට විසඳුම් තියෙනවා. ඒ වගේම ඔබ එක එක දරුවන්ගේ ඉගෙනුම් කුසලතා සහ දුර්වලතා හඳුනාගැනීමෙන් ඔවුන් සමඟ වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට සහ ඉගැන්වීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි බලමු ඔබේ පන්තියේ ඉන්න දරුවන් තුළ දකින්න ලැබෙන ඉගෙනුම් දුබලතා මොනවද කියලා. ඇත්තතම මේවා කායික සහ මානසික දුබලතායි.

අද වන විට ළමුන් තුළ අඩු වැඩි වශයෙන් මෙම තත්වයන් දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය නිසි ආකාරව හඳුනා නොගැනීමෙන් දරුන්වගේ අධ්‍යාපනයට මෙන්ම මානසික මට්ටමට ද බලපෑම් ඇතිවිය හැකියි.

Dyslexia

? භාෂා ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් දුබලතා තත්ත්වයකි.

? දෑස ඔස්සේ ලැබෙන ලිඛිත රූප අර්ථවත් භාෂාවට පරිවර්තනය කර ගැනීමට නොහැකිවීමේ මොළයේ පවත්නා කිසියම් දුබලතාවක් කෙස් කෙස් කෙසෙල් එක්ක යාමට හේතුව.

? මෙහිදී ගෙවීමේ චතුර තාව කියැවීමේ අවබෝධය නැවත මතක් කිරීම ලිවීම අක්ෂර වින්‍යාසය සහ කථනය කිරීමෙහිද බලපෑම් ඇතිවිය හැකියි.


Dysgraphia

? මෙය පුද්ගලයෙකුගේ අත් අකුරු ලිවීමේ හැකියාව සහ සියුම් චාලක කුසලතා කෙරෙහි බලපාන විශේෂිත ඉගෙනුම් ආබාධයකි.

? අවිනිශ්චිත අත් අකුරු ලිවීම්, නොගැලපෙන පරතරය, කඩදාසිය මත අවකාශීය සැලසුම් දුර්වල වීම, අක්ෂර වින්‍යාසය දුර්වල වීම සහ ලිවීමට අපහසු වීම මෙන්ම, එකවර යම් දෑ පිළිබඳ සිතීමේදී ගැටලු ඇතිවිය හැකියි.


Dyscalculia

? Dyscalculia ඉගෙනීමේ දුෂ්කරතාවයක් වන අතර ගණිතයේ දුර්වලතා සහිත විශේෂ ඉගෙනුම් ආබාධයකි.

? එය මූලිකවම සංඛ්‍යා තේරුම් ගැනීම, ඉලක්කම් හඳුනා ගැනීමේ දුර්වලතා, සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම වැනි මූලික ගණිත සංකල්ප කෙරෙහි බලපායි.

? තවද ක්‍රියාකාරී මතක ධාරිතාව ද සීමාවේ. Dyscalculia තත්ත්වයන් කලින් හඳුනා ගන්නේ ද කලාතුරකිනි.


Dyspraxia

? Dyspraxiaයාව යනු ස්නායු ආබාධයකි. එය පුද්ගලයකුගේ චාලක ක්‍රියාවන් සැලසුම් කිරීමට සහ සැකසීමට ඇති හැකියාව කෙරෙහි බලපායි .

? කෙසේ නමුත් මෙම තත්ත්වය පුද්ගලයාගේ බුද්ධියට බලපාන්නේ නැත.

?මෙම තත්ත්වය චාලක ක්‍රියා සංවිධානය කිරීමේ නොමේරූ කමකි.

? ස්නායු පණිවිඩයක් සම්පූර්ණයෙන්ම සම්ප්‍රේෂණය කිරීමට ඉඩ සලසන ආකාරයට මොළේ තොරතුරු සැකසෙන්නේ නැත.


Aphasia

?Aphasia යනු මොළයේ භාෂා කොටස්වලට හානි වීමෙන් ඇතිවන සන්නිවේදන ආබාධයකි.

?අපේශියාව පුද්ගලයාගේ බුද්ධියට හානි නොකරයි. නමුත් මෙම තත්වයෙන් පෙළෙන්නන් ඔවුන්ගේ අදහස් සම්පූර්ණ කිරීමට, නිවැරදිව, කතා කිරීමට හා වචන සොයා ගැනීම අපහසුය.

? තවද සංවාද තේරුම් ගැනීම, ලිඛිත වචන කියවීම සහ තේරුම් ගැනීම, වචන ලිවීම සහ සංඛ්‍යා භාවිතා කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි.


Visual processing disorder ( දෘශ්‍ය සැකසුම් ආබාධ)

?දෘශ්‍ය සැකසුම් ආබාධ යනු ඇස් හරහා ලබාගත් තොරතුරු පිළිබඳ හැඟීමක් ඇති කිරීමේ හැකියාව අඩුවීමයි.

? මේ පෙනීම හෝ දර්ශනයේ තියුණු බව සම්බන්ධ ගැටලුවක් නොවේ.

? මෙම ගැටළුව ඇති අයට 20/20 දර්ශනයක් තිබුනත් පසුබිම් ආකෘතිය ප්‍රමාණය හා අවකාශය පිහිටීම අනුව වෙන් කර හඳුනා ගැනීමේ දුෂ්කරතා පවතී.

? මෙයට හේතුව වන්නේ තොරතුරු පැහැදිලිව දැකිය හැකි නමුත් මොළයට එලෙස දකින තොරතුරු සැකසීමට නොහැකිවීමයි.


Auditory processing disorder (ශ්‍රවණ සැකසුම් ආබාධ )

?ශ්‍රවණ සැකසුම් ආබාධ මධ්‍යම ශ්‍රවණ සැකසුම් ආබාධ ලෙස ද හැඳින්වේ. අනෙක් ළමුන්ට මෙන්ම ඔවුන්ට ද ඇසෙන අතර ඇසෙන දේ සැකසීමට නොහැකියි.

?මෙයට හේතු වන්නේ ඔවුන්ගේ ශ්‍රවණේන්ද්‍රිය හා මොළය අතර සම්බන්ධීකරණය යම් යම් ගැටළු පැවතීමයි.

?මෙහිදී ප්‍රධාන ගැටලුව වන්නේ වචනවල ශබ්ද අතර සුළු වෙනස්කම් හඳුනා ගැනීමට නොහැකි වීමයි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW