හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..30ට පෙර මේදේ කරන්න..
                                    
                    Sri Lanka
                
                                                
                    Technology
                
                                                
                    Political Development
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා කියා සිටියේ, ඒ සඳහා මේ මස 30 වනදා දක්වා අවස්ථාව පවතින බවයි.
ඒ අනුව මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබු බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.
කෙසේවෙතත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබාදීමට කටයුතු කළ බවයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    