ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතා සහිත ඉදිකිරීම් ශිල්පීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම හෙට.

By Wayomi Nov 09, 2022 11:10 AM GMT
Report

හෙට(10) දිනයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතා සහිත ඉදිකිරීම් ශිල්පීන්ව ලියාපදිංචි කිරීම සහ හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ, ලියාපදිංචි වන ඉදිකිරීම් ශ්‍රමිකයින් ක්ෂේත්‍ර 25ක් යටතේ වර්ගීකරණය කර ප්‍රධාන ඉදිකිරීම් ශ්‍රමිකයින් සහ ඉදිකිරීම් ශ්‍රමිකයින් ලෙස කාණ්ඩ දෙකක් යටතේ හැඳුනුම්පත් ලබාදෙන බවයි.

මෙහිදී ප්‍රධාන ඉදිකිරීම් ශිල්පී කාණ්ඩයේ හැඳුනුම්පත ලබාදීමේදී NVQ 4 මට්ටම හා වසරක පළපුරුද්ද අවශ්‍ය වනවා.

එමෙන්ම ඉදිකිරීම් ශිල්පී කාණ්ඩයේ හැඳුනුම්පත ලබාදීමේදී NVQ 3 සහ මාස 6 ක පළපුරුද්ද අවශ්‍

ඊට අමතරව ඉදිකිරීම් ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි කිරීම සඳහා කුසලතා පරීක්ෂණයක් ද පැවැත්වනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW