ශ්‍රී ලංකාවට එක දිගටම විනාඩි 05ක් අයිස් වැස්සක් වැහැල..එම ප්‍රදේශය මෙන්න.

Hatton Sri Lanka Weather Bagawanthalawa Ice rain
By Aruna Feb 27, 2022 01:45 AM GMT
Report

බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට (26) දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත තිබෙන බව වාර්තා වනවා.

බගවන්තලාව නගරයට සහ බගවන්තලාව ආරියපුර , සිරිපුර යන ප්‍රදේශවලට (26) දින පස්වරු 4.00ට පමණ අයිස් වැස්සක් පතිත වු බවත්, අයිස් කැට විනාඩි පහක් පමණ ප්‍රදේශය පුරා පතිත වු බවයි බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටියේ.

අයිස් වැස්ස සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම විනාඩි 30 පමණ කාලයක් අධික වර්ෂාවත් පතිත විය.

ගත වු දින කිහිපය තුල බගවන්තලාව , නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් පතිත වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now