අගෝස්තු 01 වන දා සිට අයිස් ක්‍රීම් වලට කරන්න යන දේ මෙන්න..
ලබන මස පළමු වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අයිස්ක්‍රීම් අලෙවි කෙරෙන්නේ පොලිතින් ආවරණය ඉවත් කරමින් බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.
සත්වෝද්‍යානය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීම සඳහා මෙම පියවර ගන්නා බවත් බිස්කට් අලෙවි කිරීමේ දී ද පොලිතින් ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවත් කී ඒ මහතා මෙම කටයුතු සිදු කිරීමට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ සහය අවශ්‍ය වන බවත් කියා සිටියා.
පාර්ලිමේන්තුවේ පසුගියදා පැවැති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර ප්ලාස්ටික් ජල බෝතල් වෙනුවට වීදුරු ජල බෝතල් අලෙවි කරන ලෙස කාරක සභා සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.
ඒ පිළිබඳවත් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
සත්වෝද්‍යානය තුළ අලෙවිසල් පවත්වාගෙන යන්නන් සමග මෙම පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද අයිස්ක්‍රීම් අලෙවියේ දී ඉවත් කෙරෙන පොලිතින් ආවරණ එකතු කර අලෙවිකරුවන් ඒවා පාලන අංශ වෙත භාර දිය යුතු බව ද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.