මේ දින වල අයිස් බීම පැකට් බොන අයට අනතුරුදායක දැනුම්දීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Aug 24, 2023 11:57 PM GMT
Report

හොරණ ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි දරුවෙකුට නාඳුනන පුද්ගලයෙකු පැමිණ දුන් අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අසනීප වී තිබෙන පුවතක් වාර්තා වනවා.

එම දරුවා දෙමාපියන් විසින් හොරණ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පැවසෙන්නේ. මෙම දරුවා වයස අවුරුදු 12ක හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා වෙල් යායේ සරුංගල් යවමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විවෘත කරන ලද බීම පැකටුවක් ලබා දී ඇති බවයි අප වර්තාකරු පැවසුවේ.

දරුවාට ලබා දුන් බීම පැකට්ටුව ප්‍රතික්ෂේප කලත් එය දරුවාට බලහත්කාරයෙන් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එය පානය කිරීමෙන් අනතුරුව ක්ලාන්ත ගතියට පත්ව රෝහලට ඇතුළු කර ඇත.

කෙසේවෙතත්, පොලිසිය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.