විශේෂ මෙහෙයුමකින්, අයිස් සහ හෙරොයින් පිර වූ යාත්‍රා 2ක් නාවික හමුදාභාරයට..
Sri Lanka Police
Sri Lanka Navy
By krishani
කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.
බහුදින ධීවර යාත්‍රා 2ක සහ මත්ද්‍රව්‍ය තොගය සමග ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගත් බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රා 2ක සොයාගෙන තිබුණේ දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |