ලංකාවම හඬවමින් දකුණු අප්‍රිකානුවන්ට පැරදුණ ශ්‍රී ලංකා පිළට තවත් දුක හිතෙන දෙයක් වෙලා..
ඊයේ (07) ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම තරඟය පැවැත්විණ.
එහිදී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
ඒ ලකුණු 102 කින් ය.

සියල්ලන් පුදුම කරමින්, වාර්තා පිට වාර්තා තැබූ ලෝක කුසලාන තරඟාවලිය - සංගා තැබූ වාර්තාවත් බිඳ හෙළමින් තවත් සිංහයෙක් තැබූ සුපිරි වාර්තාව.. (PHOTOS)
එම ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 4 වන තරඟයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව මන්දගාමී ඕවර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිළට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.
ඒ එමිරේට්ස් අයිසීසී ප්‍රභූ තරග තීරක මණ්ඩලයේ ජවගල් ශ්‍රීනාත් විසින් ය.
මෙම සම්බාධක පැන වූයේ දසුන් ශානකගේ කණ්ඩායම නියමිත වේලාවට දීමනා සලකා බැලීමෙන් පසු ඉලක්කයට ඕවර 2ක් අඩුවෙන් සිටින බවට තීරණය කිරීමෙන් පසුවයි.
කෙසේ වෙතත්, ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 5 ක දඩයක් අය කරනු ලබයි.