අයිසීසී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ගැන විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැනත් තීරණයක්..?

Cricket Sri Lanka Cricket T20 World Cup 2022 International Cricket Council ICC World Cup 2023
By Sewvandhi Nov 17, 2023 12:04 PM GMT
Report

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, එළැඹෙන ඉරිදා (19) පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් දින දෙකකට පසු එනම් 21 වැනිදා අයිසීසී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.

පැවැත්වීමට නියමිත රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳ ව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා

ඒ අනුව,  ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට්වල අනාගතය, අයිසීසී පූර්ණ සාමාජිකත්වය සහිත රටවල් ඉලක්ක කර ගත් වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් බව වාර්තා වේ.

මේ අතර 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු කිරීම ගැන ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

අයිසීසී රැස්වීමේ, පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පිළිබඳ කාරණය ප්‍රධාන අංගයක් වන බව ද වාර්තා වේ.

ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද යන කාරණයට ද එහි දී අවධානය යොමු වීමට නියමිතයි.