හැමෝම ආදරය කරන ක්‍රිකට් දූෂණ ගැන ඇහෙන කතාව...

Cricket ICC World Cup 2023 Cricket Record ICC Men
By Sithumini Aug 08, 2024 09:08 AM GMT
Report


අබුඩාබි T10 ලීග් තරගාවලියේ දී දුෂණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක් ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා .

2021 තරගාවලියේ දී සිදුකළ බවට සැක කෙරෙන දූෂණ හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබුණා.

පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ අෂාර් සයිඩි, සහ එම කණ්ඩායමේ හිමිකරුවන් වූ පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි යන තිදෙනා මෙම දූෂන සදහා වරදකරුවන් වී තිබුණා.

ඔවුන් වරද පිළිගෙනද තිබුණු බවයි වාර්තා වන්නේ. සයිඩි ට වසර 5ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර අනෙක් දෙදෙනාට වසර දෙක බැගින් ක්‍රිකට් තහනම් කර තිබුණු බවත් වාර්තා වුණා.