බිරිඳගේ නැති වූ මුදල් පසුම්බිය සැමියාගේ සාක්කුවෙන් සොයාගත් පොලිසිය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 12, 2023 07:23 AM GMT
Report

දීපාවලී උත්සවයට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනිමට පැමිණි කාන්තාවක් හැටන් සිට බගවන්තලාව දක්වා පෞද්ගලික බස් රථයක ගමන් කර ඇති අතර බස් රථය තුලදි කිසියම් පුද්ගලයෙකු තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ නිලධාරින් බස් රථයේ සිටි සියළුම මගීන් බස්සවා පරික්ෂා කිරිමේදි කාන්තාවගේ අස්ථානගත වු මුදල් පසුම්බිය එම කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබී සොයා ගැනීමට හැකි වුණා.

මත්පැන් බෝතලයක් මිලදී ගැනිමට තමන් සතුව මුදල් නොමැති නිසා මෙලෙස සොරකම් කල බවයි, අදාළ සිදුවීම පිලිබඳ පොලිස් නිලධාරීන් සැමියාගෙන් කළවිමසීමකදී ඔහු පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.