බිරිඳගේ පහර දීමෙන් සැමියා මියයයි.

Sri Lanka Police Sri Lanka Crime Death
By Wayomi Nov 19, 2023 05:31 AM GMT
Report

ඊයේ (18) රාත්‍රියේ ඉපලෝගම, විජිතපුර ප්‍රදේශයේ බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කළ ඛේදනීය සිදුවීමක් පිළිබඳව පුවතක් වාර්තා වුණා.

මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් දෙදෙනා අතර කලක පටන් ඇතිව තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙලෙස බිරිද විසින් සැමියාට මුගුරකින් පහරදී ඝාතනය කර තිබෙන බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම විජිතපුර, පලුගස්වැව ගොවිපල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 52ක පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මිය ගිය අයගේ බිරිඳ බව පවසන 47 හැවිරිදි කාන්තාවක්ද ඉපලෝගම පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (19) පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර කාන්තාව අද (19) දිනයේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.