ගැබිනි බිරිදට පහර දී ඉපදීමටත් පෙර, පයින් ගසා දරුවා ඝාතනය කළ පියා ගැන ගත් තීරණය..

Sri Lanka Police Pregnancy Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 11, 2024 02:19 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචි, ගර්භණී බිරිඳට පහරදී දරු ගැබ විනාශ කිරීමේ චෝදනා එල්ලවූ සැමියෙකුව හෙට දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මෙම නියෝගය ලබා දී ඇත්තේ, සැකකරු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය කළ දැනුම්දීමක් සලකා බලමින් ඒ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.

නිරන්තරයෙන් අදාළ සැකකාර සැමියා සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා බවට අනාවරණය වී ඇති බවයි, පොලීසිය අධිකරණය වෙත පවසා ඇත්තේ.

කුසෙහි සිටින දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් බිරිඳගේ උදරයට සිය පාදයෙන් පහරදී ඇති බවයි, මෙහිදී පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ බිරිඳව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස දකක කළලය විනාශ වී ඇති බවට අනාවරණය වී තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.