සැමියාගෙන් බිරිඳගේ හිසට මන්නා ප්‍රහාරයක් - ඉහ වහා ගිය කෝපය අවසානයේ නැවතුණ තැන..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Hospitals in Sri Lanka
By krishani
සැමියා විසින් බිරිඳෙගේ හිසට මන්නා පහරක් එල්ල කර බිරිඳ රෝහල් ගත කර ඇති පුවතක් පිළිබඳව තොරතුරු පානදුර, දකුණ පොලිස් වසමේ උයන්කැලේ පාර, දොඹගහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 47 හැවිරිදි දෙදරු මවක් ය.
ස්වාමියා නිවසේ ඉදිරිපස ආලින්ද කොටසේ සිට ඇති අතර බිරිඳ යාබඳ කාමරයේ සිට ඇති බව සඳහන් වේ.
ඔහු එක්වරම කාමරයට පැමිණෙන අවස්ථාවේදී දැක ඇත්තේ දුරකථන ඇමතුම සිට ඇති බිරිඳ එකවරම එය විසන්ධි කරන ආකාරයයි.
එම අවස්ථාවේ දී කෝපයට පත් වුණ සැමියා මුළුතැන්ගෙට ගොස් මන්නය රැගෙන පැමිණ තිබෙනවා.
ඒ අනුව ඇඳ මත වාඩි වී සිට ඇති බිරිඳට මන්නා පහරක් එල්ල කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ පහර දී ඇති මන්නා පිහිය ද සමඟ සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.