5 වසර සිසුවියට අමානුෂික ලෙස පහරදුන් පන්තිභාර ගුරුවරයා බන්ධනාගාරයට..

Ministry of Education Sri Lanka Crime
By Sithumi Nov 11, 2022 02:13 PM GMT
Report

පහ වසර ඉගෙනුම ලබන පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයාව ලබන 14 වන දා දක්වා සිත බන්ධනාගාර ගත කිරීමට  අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

හුංගම දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 10ක සිසුවියකට පන්ති භාර ගුරුවරයා විසින් අමානුෂික ලෙස පහරදීමක් පිළිබඳ ඊයේ එම දැරියගේ මව විසින් හුංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව කළ විමර්ශනයේදී දැරියගේ පිට ප්‍රදේශයේ හා හිසේ පිටුපස තැලීම් ලකුණු නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඇය මවගේ භාරයේ තංගල්ල මූලික රෝහලට ඇතුලත් කෙරුණා. දැරිය මේවන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට නියමිතයි. මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 49 හැවිරිදි අයෙක්.

විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්තිය භාරව සිටින එම ගුරුවරයා විසින් තම දියණියට දිගින් දිගටම පහරදීම් සිදුකර ඇති බවට දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඇය පවසන්නේ 15 වතාවක් පමණ අදාළ දැරියට පහරදීම් කර තිබූ තබයි.

එලෙස පහර දී ඇත්තේ අවුරුදු 10 ක දැරියට සිංහල පොත කියවා ගැනීමට නොහැකි වූ බව පවසමින් බවයි මව පවසා ඇත්තේ. මීට පෙරත් කිහිප වතාවක් දැරියට අඩත්තේට්ටම් කිරීම් සිදුව ඇති අතර දැරියගේ කොණ්ඩයෙන් ඇඳ පහරදීම් සිදු කිරීම නිසා හිසකෙස් කපා පාසලට දැරිය යොමු කිරීමටත් කටයුතු කළ බවද මව සිය පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now