මිනිස් ජාවාරම ගැන හොයන්න විශේෂ කණ්ඩායමක් ඕමානයට..
Manusha Nanayakkara
Sri Lanka
Department of Immigration & Emigration
By Sewvandhi
ඊයේ (10) විශේෂ පිරිසක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට ඕමානයට පිටත්ව ගොස් තිබෙනවා.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විදේශ සේවා නියුක්ති කාර් අංශයේ නිලධාරීන් පිරිසකි.
එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝණය කර විදේශගත කිරීම, පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළ ඕමානයේ මිනිස් ජාවාරම හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීමට නියමිතයි.
විමර්ශන සඳහා පිටත්ව ගිය පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී වරයෙකු, විමර්ශන නිළධාරීන් තිදෙනෙකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක ඇතුලත් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |