රෝහල් කැන්ටිමෙන් ගත් චොක්ලට් එකෙන් හමු වූ මිනිස් ඇඟිල්ල. (PHOTOS)

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Aug 05, 2023 06:42 PM GMT
Report

මහියංගනය රෝහලේ කාර්යමණ්ඩලය සේවය කරන නිලධාරීනියක් ඊයේ (05) ආපන ශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී තිබෙනවා.

පසුව ඇය ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් ලබන සදුදා මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි.

මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහන සමරවීර මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී චාමින්ද රත්නායක මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායම් කණ්ඩායම විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.


GalleryGalleryGalleryGalleryGallery