නම ඇහුවත් එපා කියන අලේ, සුපිරි බලේ.

By Wayomi Jun 15, 2022 11:38 AM GMT
Report

නම ඇහුව ගමන් අනේ මට නම් එපා කියලා අහකට දාන හුලංකීරිය කියන්නේ සුපිරි කෑමක්. සුද්දගෙන් ලැබුණු දායාදයක් වන හුලංකීරිය නිකන්ම නිකන් අලයක් නෙවෙයි. ගොඩක් වටින ඖෂධයක්. 

හුලංකීරිය වල ගුණ

? කොලෙස්ටරෝල් පාලනය කිරීම.

? ශරිරයේ අම්ල ගතිය මර්ධනය කිරීම.

? අජීර්ණය සුව කිරීම.

? ස්ථුල බව අඩු කිරීම.

? ලුස්මෝෂන් (දියර ස්වභාවයෙන් මළ පිටවීම පාලනය කිරීම.

? අතීසාරය සුව කිරීම.

? අර්ශස් සුව කිරීම

? මුත්‍රා අඩස්සි සුව කිරීම.

? වලිප්පුව ගුණයි.

? උණට,කැස්සට ගුණයි

? සමේ රෝග සුව කිරීම

? ශ්වාසනාළ ප්‍රදාහය ඇති වීම පාලනය කිරීම.

? හෘද රෝග වැනි ගොඩක් ලෙඩ රෝග වලට ගුණදායකයි.

? ඉස්සර නම් වලිප්පුව හැදුණු ළමයින්ට හුලංකීරිය අල කොටලා ඉස්ම දෙනවා. එහෙමත් නැත්නම් තම්බල කන්න දෙනවා .ඒ වගේම ආහාර විස වීමක් උනොත් හුලංකීරිය අල යුෂ බොන්න දෙනවා.

? කලටි පොල් ටිකක් ගාලා හුලංකීරිය අල ටිකක් තම්බලා කනවා නම් ගැස්ට්රයිටිස් වලට හොඳයි.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW