අමාරුවේ නොවැටී අවදානයෙන් වැඩ කරන හැටි.
අපි හැමෝම වැඩ එක එක වැඩ කරන අයනේ.Job කරනවා, ඉගෙනගන්නවා, තව තව දේවල් කරනවා.හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අවධානය නැතිකම. ඉතින් මේ ඒකට පුංචි විසඳුම් ටිකක්.
පොමොදෝරෝ ක්‍රමය
? පොමොදෝරෝ ක්‍රමය කියන්නේ කාර්යක්ෂමතාවය උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්.විනාඩි 25ක් වැඩ කරනවා, විනාඩි 05ක් විවේක ගන්නවා, ආයෙමත් විනාඩි 25ක් වැඩ කරනවා, ආයෙ විනාඩි 05ක් විවේක ගන්නවා, ඔහොම 04 පාරක් ගියාට පස්සේ ලොකු විවේකයක් ගන්නවා.හැබැයි මෙහෙමයි.අර විනාඩි 05 Break එක තියෙන්නේ Phone එක අතට ගන්න නෙවෙයි. පොඩ්ඩක් නැගිටලා, අත පය හිරි ඇරලා, ඇඟට, ඇස් වලට, හිතට පොඩි ව්‍යායාමයක් දෙන්න.
කරන දේට ආස වෙන්න
? තමන් ආස දෙයක් තමන්ගේ Job එක විදියට තෝරගන්න පුළුවන් වෙන කෙනෙක් වාසනාවන්තයි.මොකද එතකොට එයා වැඩ කරන්නේ කම්මැලිකමෙන් නෙමෙයි.ගොඩක් ආසාවෙන්.ආසාවෙන් වැඩ කරනකොට ඒ කරන වැඩේට අවධානය රඳවන්න ලේසියි.
? හැබැයි ආසම කරන දෙයක් Job එක විදියට තෝරගන්න බැරි වුණොත් මෙහෙම කරන්න.ඔයාට කරන්න වැඩ කොටසක් තියෙනවනේ.ඒ දේ ඇතුළේ තමන් කරන දේට ආසාවක් ඇතිකරගන්න පුළුවන්.ඒකට එක ක්‍රමයක් තමයි, ඔයා කරන රැකියා ක්ෂේත්රය,තමන් කරන දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න.ටික ටික ඒ දේවල් ගැන Update වෙන එකෙන් ඔයාට ඔයාගේ රැකියාව ගැන තියෙන ආසාව ඇති කරගන්න පුලුවන්
Organize කර ගන්න
? තමන්ගේ Computer එකේ දේවල් හැමදෙයක්ම පිළිවෙලට තියාගන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ගොඩක් Office වල Computer එක ගත්තොත් Desktop එකේ වැඩියෙන්ම පුරවලා තියෙන්නේ File .එහෙම නැතුව Organize කරගන්න. Desktop එකේ අත්‍යාවශ්‍ය Sort Cut කීපයක් විතරක් තියලා, අනිත් Files අවශ්‍ය විදියට Folders වලට දාලා, ඒ Folders ලේසියෙන් හොයාගන්න පුළුවන් විදියට Rename කරලා තියාගන්න.
Deadline තියාගන්න
? අපිට වැඩක් කරන්න දුන්නම ඒක මාස ගානක් අල්ලාගෙන අත ගගා ඉන්න බැහැනේ.ඒ නිසා අපිට ඕනෙම වැඩකට Deadline එකක් තියාගන්න ඕනේ.සමහර වෙලාවට boss අපිට කියනවනේ මේ වැඩේ මේ දවසට දෙන්න කියලා.එහෙම වැඩක් දුන්නම ගෙදර නොයා රෑ එළිවෙනකම් ඉදලා හරි වැඩේ ඉවර කරන්න ඕනේ.හැබැයි Deadline එක ප්‍රයෝගික වෙන්න ඕනේ.ඒ නිසා අපි හැමවෙලාවකම වැඩක් පටන් ගන්න කලින් හොඳට හොයලා බලන්න ඕනේ ඒ වැඩේට අපිට ඇත්තටම කොයි තරම් කාලයක් යනවද කියලා.ඊටපස්සේ Deadline එක කවද්ද කියලා plan කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |