කන් දෙක ආරක්ෂා කරගෙන නිවැරදිව Handsfree භාවිතා කරන හැටි.

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Jun 23, 2022 06:09 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Handsfree එකක් භාවිතා නොකරන කෙනෙක් නැති තරම් ජංගම දුරකථනයක්, ලැප් එකක් හෝ ටැබ් එකක් භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම Handsfree එකක් භාවිතා කරනවමයි. හැබැයි ඔබ ආවට ගියාට ඔහේ පාවිච්චි කළාට Handsfree එකක් පාවිච්චි කරන නිවැරදි විදිහ දැනගෙන ඉන්න ඕන. මොකද මෙය වැරදි ලෙස භාවිතා කලොත් ශ්‍රවණාබාධ ඇති වෙන්න වගේම වෙනත් අහිතකර තත්වයන් ඇති වෙන්න පුළුවන්.

🎧 Handsfree එකක් හවුලේ භාවිතා කරන්න එපා. මොකද කෙනෙකුගේ කන් තුල තිබුණු ශ්‍රාවයන් සහ විෂබීජ පහසුවෙන්ම තවත් කෙනෙකුගේ කනකට ගිහින් ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්.

🎧 ශබ්දය උපරිම ප්‍රමාණයට වැඩි කරගෙන සවන් දෙන්න එපා. අධික ශබ්දය ඔබේ සෞඛ්‍යයට අහිතකරයි. දරන්න අපහසු වැඩි ශබ්දයක් සහිතව පැය ගණනක් යම් සංගීතයකට හෝ වීඩියෝවකට සවන් දුන්නොත් එය ශ්‍රවණාබාධයකට සහ ස්නායු ආබාධ වලට හේතු වෙනවා. අපට දැරිය හැකි ශබ්දය රැඳී තිබෙන්නේ 60-70db අතරයි.

🎧 දිනපතා ඔබගේ earbuds පිරිසිදු කරන්න. මේ සඳහා කපු රෙදි කැබැල්ලක් භාවිතා කරන්න. නැත්නම් Handsfree එක අපිරිසිදු වෙලා ආසාදන තත්වයන් ඇති විය හැකියි.

🎧 වම් කනට පැලඳිය යුතු earbud එක සහ දකුණු කනට පැලඳිය යුතු earbud එක පටලවගන්නේ නැතිව පාවිච්චි කරන්න.

🎧 කනට අපහසු earbud භාවිතා කිරීමෙන් වලකින්න.

🎧 රාත්‍රියේදී සමහරු නිදි මත එන තුරු Handsfree භාවිතා කරමින් සිංදු අහන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක කොහෙත්ම කරන්න එපා. මොකද ඔබට එහෙම්මම නින්ද යන්න පුළුවන්. පැය ගණනාවක් මෙසේ සිදු වීමෙන්ද කන් වලට වලට හානි සිදු වෙනවා.මොළයට වගේම කන් බෙරේටත්.

🎧 ඒ වගේම Handsfree set එකේ වියළි බව රැක ගන්න. එය තෙත් වී තිබීමෙන් බැක්ටීරියා වර්ධනය වෙනවා.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW