ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිත කරන ඔබ දැන ගත යුතුම කරුණු 5ක්.

Central Bank of Sri Lanka Commercial Bank People's Bank
By Sithumini Aug 12, 2024 05:32 PM GMT
Report


අංක් එක බවට පත්වෙන්නේ වාර්ෂික පොලිය.

ඔබ ඔබේ ණයපත එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකට අදාලව ඔබ වාර්ෂිකව ගෙවිය යුතු පොළිය පිළිබදව ඔබ දැනගත යුතුම වනවා. එහෙම නැත්නම් ඔබ ඒ පිළිබදව නොදැන අනවශ්‍ය පොලියක් ගෙවන්න ඔබට සිදුවෙනවා.

අංක 2 වෙන්නේ වාර්ෂික ගාස්තු

ඔබේ ණය පතට අදාලව ඔබ වාර්ෂිකව ගෙවිය යුතු ගාස්තු විවිධ බැංකු වකට විවිධ ක්‍රෙඩිඩ් කාඩ් වකට මෙන්ම ඔබ ලබා ගන්නා මුදලට අදාලව වෙනස් වෙනවා. ඒ ගැනත් ඔබ දැනගෙන ඉන්න ඕනි.

මේ වාර්ෂික ගාස්තු නියමිත වෙලාවට ගෙව්වොත් ඔබට හොද වරප්‍රසාද ලබා ගන්න පුළුවන් වනවා.

අංක 03 වෙන්නේ ප්‍රමාද ගාස්තු

ඔබට ඔබේ ණය පතට අදාල මුදල ගෙවන්න නියමිත දිනට මග හැරුණොත් ඊට අදාලව ප්‍රමාද ගාස්තුවක් ගෙවීමටත් ඔබට සිදුවනවා.

අංක 04 අවම ගෙවීම්

අවම මුදල කියන්නේ ඔබ මාසිකව ගෙවිය යුතු අවම මුදල. සෑම මසකම ඔබ සම්පූර්ණ මුදලම ගෙව්වොත් ඔබට පොළී ගාස්තු වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ කාරණයත් ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙමත් නැත්නම් ණය පතක් භාවිත කිරීමේදි දැනගෙන සිටීම වැදගත් වෙනවා.

අංක 05 ගෙවීමට නියමිත දිනය

සෑම මසකම ඔබට ගෙවීමට තිබෙන දිනය ගැන හොදින් මතක තබා ගැනීම වැදගත් වෙනවා. එය ඔබේ ජංගම දුරකථනයේ රිමයින්ඩර් එකක් හෝ කැලැන්ඩරයක ලකුණු කර ගැනීම වැදගත්.එහෙම නැත්නම් ඔයාට ප්‍රමාද ගාස්තු ගෙවන්නත් වේවි.