මිලදී ගන්න කලින් නරක් වූ සහ නැවුම් මස් හඳුනගන්න විධි.

Healthy Food Recipes
By Wayomi Oct 10, 2022 11:02 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් දෙනෙකුට සතිකට වේලක් දෙකක් හෝ මස් කෑල්ලක් ඕනමනේ. ඉතින් මස් මාංශ මිලදී ගන්න කලින් ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් ගැනයි මේ කියන්න හදන්නේ.

කාලා ලෙඩ වෙන්න කලින් මස් වල නැවුම් බව පරීක්ෂා කරන විධි ගැනත් දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි.

01. උෂ්ණත්වය

🥩 ඔබ දන්නවද? මස් වර්ග වැඩි කාලයක් සාමාන්‍ය කාමර උෂ්ණත්වයට නිරාවරණය කර තිබ්බොත් එය ඔබට අනතුරුදායක බව.

🥩 මොකද එහිදී මස් වල බැක්ටීරියා වර්ධනය විය හැකි අතර ඒවා ආහාරයට ගැනීමෙන් උදරයේ විවිධ ආසාත්මිකතා ඇති විය හැකියි.

🥩 40°F – 140°F අතර උෂ්ණත්වයේදී බැක්ටීරියා වේගයෙන් වර්ධනය විය හැකි අතර එම සංඛ්‍යාව දෙගුණ වීම සඳහා ගතවන්නේ මිනිත්තු 20ක් පමණයි.

🥩 ඒ නිසා මස් ගබඩා කල යුතු නිවැරදිම විදිහ ශීතකරණයේ තැබීමයි.


02. ගන්ධය

🥩 කුමන මස් වර්ගයක් වුවත් එයින් ඇඔුල් පිළුණු වූ ගඳක් එනවා නම් ඒවා භාවිතා නොකළ යුතුයි.

🥩මස් වර්ග වෙළඳපොළෙන් මිලදී ගන්නා විටත්, එහි බාහිර ස්වරූපය ඔබව රැවටිය හැකි නිසා නිතරම ගඳ සුවඳ කෙරෙහි අවධානය යොමු කරන්න.

🥩 එම මස් වර්ගයෙන් ඉතාම ප්‍රබල, සියුම්, අප්‍රසන්න ගතියක් දැනෙනවා නම් එය මිලට නොගන්න.

🥩 මීට අමතරව මස් වලින් බිලීචින් හෝ ඇමෝනියා ගන්ධයක් නොඑන බවට තහවුරු කරගන්න. එවන් ගන්ධයක් දැනීම, පැරණි මස් වෙළෙන්දන් විසින් අලුත් මස් බවට පෙන්වා විකිණීමට දරන උත්සාහයකි.


03.වර්ණය

🥩 භාවිතයට සුදුසු සෞඛ්‍යආරක්ෂිත රතු මස් වර්ග ඇතැම් අවස්ථා වලදී තද රතු හැරුණු කොට වෙනත් වර්ණයකින්ද තිබිය හැකියි.

🥩 මේ නිසා ඔබ මිලදීගත් මස් වල රතු වර්ණයේ වෙනත් ප්‍රභේදයක්‌ තිබුණු පමණින් එය ඉවත දැමීමට කලබල නොවන්න.

🥩 ස්ටේක් මස් දුඹුරු පැහැයට හුරු රතු පැහැයෙන් තිබීම සාමාන්‍ය දෙයක්. එම වර්ණ ප්‍රතික්‍රියාවට හේතු වන්නේ ප්‍රෝටීන වැඩි කාලයක් වාතයට නිරාවරණය වී තිබීම නිසයි.

🥩 අළු පැහැයට හුරු මස් වර්ගයක් වුවත් භාවිතයට සුදුසුයි. මස් වල මධ්‍යය දුඹුරු පැහැයක්‌ ගැනීමෙහිද ගැටළුවක් නැහැ.

🥩 එය සිදු වන්නේ මස් හරහා ගැඹුරට ඔක්සිජන් ගමන් නොකිරීම නිසයි.

🥩 මස් මත දේදුන්නක සේයාවක් හටගෙන තිබීමෙන්ද එය නරක් වූ මස් බවට හැඟවෙන්නේ නැහැ.

🥩 එය මස් වල අඩංගු යකඩ සහ ග්‍රීස් වැනි දේවල් සමග සිදුවූ ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් ලෙස සැලකිය හැකියි.

🥩 නමුත් මස් වල වර්ණය වියැකී ගොස් ඇති බව පෙනීම හෝ එය ඉතාම තද පැහැයට හැරී තිබීම මස් නරක් වී ඇති බවට ලක්ෂණයක්.

🥩 මස් කොළ පැහැයක් ගෙන තිබෙනවා නම් එයද මස් ඉවත දැමිය යුතුයි.

🥩 සෑම මස් වර්ගයක්ම වර්ණය පමණක් සලකා බැලීමෙන් හොඳ සහ නරක මස් වෙන්කර හඳුනා ගැනීම ඉතා අපහසුයි.

🥩 අමු කුකුළු මස් නිල් පැහැයට හුරු සුදු පැහැයේ සිට කහ පැහැය දක්වා තිබිය හැකියි.

🥩 එකම වර්ගයේ කුකුළන්ගේ වුවත් සැලකිය යුතු වෙනස්කම් තිබිය හැකියි.

🥩 අස්ථි වටා ප්‍රදේශය තද පැහැ වී තිබීම සහ රතු හෝ රෝස ඕනෑම ප්‍රභේදයකින් තිබීම එම මස් ආහාරයට ගැනීමට ආරක්ෂිතයි.

🥩 කුකුළු මස් අළු පැහැයට හෝ කොළ පැහැයට හැරී තිබෙනවා නම් එය භාවිතා කිරීමට සුදුසු නැහැ.


04 වයනය

🥩 අත් හොඳින් සෝදා ගෙන මස් ස්පර්ශ කර බලන්න.

🥩 එහි ඇලෙනසුළු බවක් දැනෙනවා නම් එය මස් නරක් වී ඇති බවට ලක්ෂණයක්.

🥩 මීට අමතරව මතුපිට සෙවල වැනි ද්‍රව්‍ය තිබෙනවා දැයි පරික්ෂා කරන්න. එසේ තිබීමෙන් හැඟවෙන්නේ දැනටමත් එය මත බැක්ටීරියා වර්ධනය වී ඇති බවයි.

🥩 එවිට ඉතා ඉක්මනින් එය මත කොළ හෝ කළු පැහැයෙන් පුස් වර්ධනය වන ආකාරය ඔබට දැකගත හැකියි.

🥩 මස් පරික්ෂා කරබැලීමෙන් පසු අනිවාර්යෙන්ම ඔබේ අත් හොඳින් සේදීමට මතක තබා ගන්න.

🥩 මස් වල මතුපිට පමණක් නොව අභ්‍යන්තරයේත් සෙවල වර්ධනය විය හැකියි. ඒ නිසා එය තරමක් ඔබා තද කර බලන්න. එවිට අප්‍රසන්න යමක් පිටතට පැමිණෙනවා නම් එම මස් වහාම ඉවත් කරන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW