ඔබත් ගැටළු වලින් පැනලා යන කෙනෙක්ද?
ජීවිතේ අනන්ත අප්‍රමාණ ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. සමහරු ඒ ප්‍රශ්න වලට බයේ මුහුණ දෙන්න බැරිව ඒවාගෙන් පැනලා යනවා. ජීවිතය පවා නැති කරගන්න අවසථා එමටයි. ඒ තරම් මෝඩ වැඩක් නම් තවත් නැත. ඔබ කුමන තරාතිරම වේවා, මොන තත්වයක හිටියත් ඔබට එන ඕනෑම ගැටලුවකට මුහුණ දෙන්න. ඒවා ඔබේ ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අභියෝගයක් කරගන්න. ඒ ගැටලුව කුමක් වුවත් පියවරෙන් පියවර මේ විදිහට විසඳා ගන්න.
⚜️ ගැටලුව හරි හැටි හදුනා ගන්න.
ගැටලුවක් නිසා හට ගත් සිදුවීම මූලික ගැටලුව සමඟම පටලවා ගන්න එපා. ගැටලුවේ මූල තේරුම් ගන්න. ගැටලුව ඇති වුණේ කොහොමද? ඊට මුල් වුණේ මොකක්ද කියන දේ හොයලා බලන්න. ගැටලුවක් හදුනා ගැනීමේදී නිවැරදි ප්‍රශ්න ඇසීමට කල්පනාකාරී වන්න.
⚜️ විකල්ප සාදන්න.
ඔබ මුහුණ දෙන ගැටලුව දැනගත් පසු, හැකි විසඳුම් සලකා බලන්න. ඒ විසඳුම් නිසා ඔබට මුහුණ දීමට සිදුවන ප්‍රතිවිපාක ඇත්නම් ඒවාටද විකල්ප සෙවිය යුතුයි . එම නිසා ඔබට අවශ්‍ය නම් විශ්වාස වන්තයෙකුගේ හෝ වෘත්තීමය සුදුසුකම් ඇති සහායක් ලබා ගන්න.
⚜️ නිවැරදිම විසඳුමක් තෝරගන්නට උත්සහ කරන්න.
හොඳම විසඳුම කුමක්දැයි තක්සේරු කරන්න. එහිදී සෑම පාර්ශවයක් ගැනම සලකා බැලිය යුතුය. කාගේ කාගේත් මානසික හා ශාරීරික මට්ටම් ගැනත් අවධානය දීම අනිවාර්යයයි.
⚜️ විසඳුම ක්‍රියාත්මක කරන්න.
- ඔබ ගැටලුවකට හොඳම විසඳුම තෝරාගත් පසු, ඔබට එය ක්‍රියාත්මක කළ හැකිය.
- නමුත් ඕනෑම ගැටලුවකදී ඒ ඒ ගැටලුවේ ස්වභාවය මත ඔබට විසදුම් වලට සීමාවන් ඇත. සෑම ප්‍රශ්නයකම මූලයට ඔබට විසදුම් තිබිය නොගැකි විය හැකියි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |