ඔයත් මුඛයේ දුර්ගන්ධය නිසා පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මෙන්න විසදුම..
අපිට එදිනෙදා ජීවිතේදි විවිධ පුද්ගලයන් සමග ගණුදෙනු කරන්න වෙනවා.
ඔබේ පෙනුම ඉතාම හොදින් පවත්වා ගන්නවා වගේම ඔබ සැලකිළිමත් වෙන්න ඕනි කාරණයක් තමයි මුඛය දුර්ගන්දයෙන් තොර වීම කියලා කියන්නේ.
මුඛයෙන් දුර්ගන්දය ඇතිවීම තුළින් ඔබේ පෞර්ශයට හානි කරනවා. මුඛය ආශ්‍රිතව ඉතාම විශාල ප්‍රමාණයක් බැක්ටීරියා ජීවත් වෙනවා.
එසේනම් මුඛයේ දුර්ගන්ධය අවම කරගන්නේ කොහොමද?
මවුත් වොශ් හෙවත් මුඛ පිරිසිදුකාරකයක් භාවිතය.
අපේ මුකයේ ඇතිවන බැක්ටීරියා ක්‍රියාකාරිතවය අවම කිරීමට මවුත් වොශ්වලට හැකියාව තිබෙනවා.
එමෙන්ම මවුත් වොශ් එකක් මගින් මුකයේ දත් මැදීමේදි පිරිසිදු නොවන ස්ථාන පවා පිරිසිදු වෙනවා.
දත් මැදීම
උදෑසන අවදි වූ පසුව දත් මැද අන්තුරුව සෑම ආහාර වේලකටම පසුව මුකය සේදීන අනිවාර්‍ය වනවා.
එය ඔබේ මුක සෞඛය යහපත් කරගැනීමට ඉතාම වැදගත්. එමෙන්ම මෙහිදි වැදගත්ම කාරණයක් තමයි ඔබ දත් මැදීම සදහා භාවිතකරන දත් බුරුසුව.
එය නියමිත ප්‍රමිතියෙන් යුතු අනුමත් බුරුසුවක් භාවිත කිරීම වැදගත්. දත් එනමලයට හානිදායක නොවන බුරුසුවක් භාවිත කිරීමයි වැදගත් වන්නේ. එමෙන්ම දත් මැදීම සදහා අනිවාර්යෙන්ම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කිරීම වැදගත් වෙනවා.
මාස 6කට සැරයක්වත් දන්ත සායනයකට සහභාගි වීම
වැදගත් වෙනවා
එමෙන්ම ඔබ වැදගත් රාජකාරීන් හෝ නිවසෙන් බැහැරව යන අවස්ථාවන්හිදි ළූණු සුදු ළූණු වැනි දුර්ගන්දය සහිත ආහාර ගැනීමෙන් වැළකීම වැදගත් වෙනවා.