ඔයාගේ ජීවිතේ dream life එකට යන්න නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි දේවල්

Job Opportunity
By Sithumini Dec 15, 2024 12:14 PM GMT
Report


1. ඔයාට අවශ්‍ය සිහින ජීවිතේ හදුනා ගැනීම

ඒ අනුව ඔබට අවශ්‍ය ජීවිතේ කොහොම දෙයක්ද යන්න පිළිබදව හදුඅනාගෙන එය පොතක සටහන් කරගන්න. දින කිහිපයක් ගත වුණත් කමක් නෑ. ඔබ එය හදුනාගෙන ලියන්න.

2. ඔයාගේ සිහින ජීවිතේට යන්න අව්ශ්‍ය ස්කිල්ස් හදුනාගැනීම

ඔයාගේ සිහින ජීවිතේට යන්න නම් අවශ්‍ය ස්කිල්ස් සහ දැනුම ඔයා හදාගන්න ඕනි.

උදාහරණය විදියට ඔබට පුලුවන් ඔබට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ඔබේ දැනුම් වර්ධනයකර ගැනීම.

මේ ආකාරයෙන් ඔබේ දැනුම සහ කුසලතා ඔබේ සිහින ජීවිතෙයට යෑව සදහා භාවිත කරන්න නම් ඒවා වර්ධනය කර ගැනීම ඉතාම වැදගත්.

3. ඔබේ ජීවිතය වෙනුවෙන් ආයෝජනය කිරීම. 

ඒ අනුව ඔබ ඔබේ කාලය මේ සදහා වැය කිරීම වැදගත් වෙනවා.

ඔබගේ සිහින ජීවිතයට අව්ශ්‍ය දේවල් ලබා ගැනීම වෙනුවෙන් දැනුම කුසලතා ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම ඉතාම වැඩ්ගත්.

4. පුහුණු කිරීම

පුහුණුව කියන්නේ ඕනෑම දේකට ඉතා වැදගත් දෙයක්. ඔයා පුහුණු කරන්නේ නැතුව දෙයක් යන්න අමාරුයි.

උදා හරණයක් ලෙස ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ඕනි නම් ඔබ වෙනුවෙන් පුහුණු කරන්න ඕනි. ඔයාට නිවේදිකාවක් වෙන්න ඕනි නම් ඔයා ඒ වෙනුවෙන් පුහුණුවීම් කරන්න ඕනි.

5. යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගන්න.

යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම කියලා කියන්නේ ඔයගේ ජීවිතේ හීනවලට යද්දි ඉතාම වැදගත් දෙයක්.

මෙය කායික සහ මානසික ලෙස දෙයාකාරයෙන්ම වැදගත් වෙනවා.

එසේනම් ඔබ කළ යුතු වන්නේ ව්‍යායාම කිරීම සුව නින්දක් ලබා ගැනීම, සහ හොද ආහාර ලබා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම තමයි ඔයාහේ මානසික තත්වයත් යහඔඅත් අයුරින් පවත්වා ගැනීම ඉතාම වැදගත්. මොකද ඔබට ඔබේ ජීවිතේ හීනවලට යන්න නම් නිවැරදිව තීරණ ගැනීම මනා සිහියෙන් වැඩ කිරීම අතිශය වැදගත් වෙනවා.

6. කාල කළමණාකරණය.

කාල කළමණාකරය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ඒ අනුව ඔබට ඔබේ ජීවිතේ වැඩ පහසු කරගන්න වැදගත් වෙනවා.

7. අඛණ්ඩතාවය

ඔයාගේ ජීව්තේ වැදගත්ම දේ තමයි ආරම්භය වගේම අඛණ්ඩව පවත්වා ගැනීම. බොහෝ දෙන්ක් විවිධ දේ ආරම්භ කළත් ඒ දේවල් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. එසේනම්. ඔබ ඔබේ වැඩ කටයුතු අඛණ්ඩව සිදු කිරීමත් ඉතාම වැදගත්.

8. නොවැටී ඉදිරියට යෑම.

අපි කරන ඕනෑම දේකදි අභියෝග කියන්නේ අනිවාර්යයෙන්ම එන දෙයක්. නමුත් ඔබ නොවැටී ඉදිරියට යෑම වැදගත් වෙනවා.