වාහනයේ Paint එක රකින Tips.

By Wayomi Jul 14, 2022 06:19 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වාහනයක් තෝරා ගන්න කලින් තමන්ගේ කැමැත්ත අනුව හොයලා බලන facilities, features තියෙනවා. ඉතින් ඔය අතරේ තියෙන විශේෂ අංගයක් තමයි වාහනයේ පේන්ට් එක. සාමාන්‍යයෙන් Paint එකෙන් වාහනයක වටිනාකමටත් ලොකු බලපෑමක් කරනවා. මොකද සමහර දුර්වල පෙනුමක් තියන Paint එකකින් වාහනයේ වටිනාකම අඩු කරලා පෙන්නවා.

මොකක් හරි damage එකකින් හෝ ඔබේ කැමැත්ත අනුව වාහනයක් අමුතුවෙන් වෙනම Paint කරනවා කියන්නෙම වැඩි වියදමක් යන වැඩක්. ඉතින් ඒ නිසා මේ කියන්න යන්නේ වාහනයේ Paint එකේ Quality එක, තත්වය වගේම shine එක වැඩි කාලයක් රැකගන්නේ කොහොමද කියලා.

මේ Tips ටිකට අවධානය යොමු කරන්න


වාහනය පිරිසිදු කරන ආකාරය

🚘 වාහනේ හෝදන්න සබන් කුඩු, සබන්, dish wash වගේ දේවල් පාවිච්චි කරොත් Paint එකට හානි වෙන්න පුළුවන්. ඒ මේවායේ තියෙන ආම්ලික ගතිය හේතුවෙන්.

🚘 පෙණ සහිත හොඳ සහ නිර්දේශිත් car wash දියරයක් යොදාගන්න.

🚘 කුරුලු අපද්‍රව්‍ය වගේ වැටිල තියනවා නම් ඉතා ඉක්මනින් ඒවා ඉවත් කරන්න. ටික දවසක් තිබ්බොත් Paint එකට හානි විය හැකියි.

🚘 වාහනය නිසි පරිදි සතියකට සැරයක් වත් සෝදන්න.

🚘 වාහනය සේදුවට පස්සේ අව්වේ හෝ මඳ පවන්නේ නිකන්ම වේලෙන්න දෙන්න එපා. වාහනේ රැඳෙන වතුර පැල්ලම් වල කුණු නිසා Paint එකට ලොකුම හානියක් වෙනවා.

🚘 ඒ නිසා වාහනය සේදුවට පස්සේ මරික්‍රෝ ෆයිබර් රෙදි කෑල්ලකින් පිහලා වේලාගන්න. 


Another Method

🚘 ඔබේ වාහනයේ Paint එක ආරක්ෂා කරගන්න සින්තටික් කෝටින් එකක් ආලේප කරන්න පුළුවන්. මෙය සීරීම් සහ සුලු හානි වලින් Paint එක ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක්.

🚘 තව ක්‍රමයක් තමයි පොලිෂ් ආලේප කිරීම, ඔබ වාහනේ සෝදා වියලාගත් පසු ඔබ පොලිෂ් ආලේප කළ හැකියි. ඔබට බැරි නම් කාර්මිකයෙකු ලවා නිවැරදිව ආලේප කරගන්න.

🚘 ඔබ හොඳින් වාහනය සෝදා වේලා ගත් පසුව ඔබට කාර් වැක්ස් යොදන්න පුළුවනි. මේක හරියට කළොත් වාහනයට හිරුඑලිය අපද්‍රව්‍ය වලින් සිදුවන හානිය මාස 6ක් දක්වා අඩු කරගත හැකියි.

🚘 රත් වීමෙන් Paint එකට සිදු වෙන්න පුළුවන් හානිය අවම කරගන්න නම් වාහනේ නිසි පරිදි නඩත්තු කරල දියර චෙක් කරලා පාවිච්චි කරන්න.

🚘 වාහනේ Paint බබ්ල් ඇවිත් නම් හැකි ඉක්මණින් ඒක කාර්මියෙකු ලවා පරික්ෂා කරගෙන නිසි පිළියමක් යොදන්න. නැත්නම් මේ බුබුලු අතරින් වතුර ඇතුලට ගිහින් වාහනය දිරන්න පුළුවන්.

🚘 වාහනයේ සීරීමක් තියෙනවා නම් කාර්මියෙකු ලවා පරික්ෂා කර පිළියම් යොදාගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW