හොරුන්ගෙන් ඔබේ Bank Account එක බේරාගන්න හැටි.
ඉස්සර bank account එක පරිස්සම් කරනවා කියලා පරිස්සම් කළේ pass book එක.ඒ කියන්නේ බැංකු පොත. හැබැයි දැන් නම් පරිස්සම් කරනන් ගොඩක් දේවල් තියෙනවා. ATM card එක සහ pin number එක වගේම ඔයාගේ phone number එක සහ phone එක. මොකද ඔබ නොදන්නවා වුණාට ඔබ bank account එකක් open කරද්දී බැංකුවට ලබාදෙන phone number එක වගේම bank app එකකින් පුළුවන් ඔබේ bank account එක hack කරන්න.
Bank Account එක ආරක්ෂා කරගන්නේ කොහොමද?
🔔 බැංකු ගනදෙනු කිරීමේදී හරියටම ඒ ගනුදෙනුව ගැන දැනගන්න SMS Alert ලැබෙන්න ඔයාගෙ phone number එක ලියාපදිංචි කරගන්න.
🔔 ඒ විදිහට ඔබ SMS Alert එක phone number එක වෙන කිසිම කෙනෙක්ට පාවිච්චි කරන්න දෙන්න එපා. ඔයා phone number එකඟ මාරු කරනවා නම් හෝ නැති වුණහොත, ඒක bank එකට දැනුම්දීලා SMS Alert number එකත් මාරු කරගන්න. අලුත් number එකට මාරු වෙන්න.
🔔 ඒ වගේම බැංකු වලින් එවන OTP වගේ රහස් කේත කිසිම කෙනෙක් එක්ක හුවමාරු කරන්න එපා.
🔔 සෑම බැංකුවකින්ම සියළුම බැංකු ගණුදෙනු කරන්න පුළුවන් App හඳුන්වා දීලා තියෙනවා. ඒවට රෙජිස්ටර් වෙන්න. ගනුදෙනු වලට අමතරව ඔයාගෙ මුදල් වල ආරක්ෂාවටත් ඒක පුයෝජනයි. හදිසියකදී ඔයාටම පුළුවන් App එකෙන් ATM card ගිණුමෙ තියෙන සල්ලි ටික වෙන ගිණුමකට මාරු කරන්න.
🔔 ඔබට බැංකු ගිණුම් වල හැම ගනුදෙනුවක්ම පරීක්ෂා කරලා තහවුරු කරගන්න පුළුවන් මේ App වලින්.
🔔 මේ බැංකු App වලට ලොග් වෙන්න රහස් කේත හරි ඔයාගෙම ඇගිලි සලකුන හරි තමයි හුඟක් වෙලාව පාවිච්චි වෙන්නේ. එතකොට කාටවත්ම ඔබේ ගිණුමට ප්රවේශ වෙන්න බෑ ඔබ නොදැනුවත්ව.
🔔 හැබැයි කිසිම වෙලාවක මේ රහස් අංක කාටවත් දෙන්න එපා.
🔔 ATM රහස් අංකෙ වෙන කෙනෙක් දැන ගත්තොත් ඔයාට අළුත් කාඩ් එකක්ම ගන්න.
🔔 ඔබේ බැංකු App වලට ශක්තිමත් password එකක් දාන්නත් අමතක කරන්න එපා.
🔔 පොදු Wi-Fi වලින් බැංකු ගිනුමට ප්රවේශම් වීමෙන් වළකින්න.
🔔
බැංකුවෙන් එවන messages අනුව account එකේ updates හරියටම කරන්න.