ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක හදාගන්නේ මෙහෙමයි.

SriLankan Airlines
By Wayomi Jul 13, 2022 06:59 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් අය මේ දවස් වල රට යන්න දඟලවනේ. ඔය අතරේ ඉන්නවා පළමු වතාවට රට යන අය. ඉතින් සාමාන්‍යයෙන් රට යද්දී සමහරු අරන් යන්න ගොඩක් බඩු ලෑස්ති කරගන්නවා. හැබැයි අපිට හිතුන හිතුන පළියට කිසිම දෙයක් අරන් යන්න බැහැ. ඒකට වෙනම නීති තියෙනවා.

පළමු වතාවට flight එකේ යන ලෑස්ති වන ගොඩක් අය දන්නේ නැහැ, baggage එක ඉතාමත් නිවැරදිව, පිළිවෙළට, ගෙන යා හැකි බරට අනුව සකසා ගන්නෙ කොහොමද කියලා. ඉතින් මේ කියන්න යන්නේ රටකට යනකොට ගෙනියන බෑගය, baggage එක නියමිත බරට අනුව සකස් කරගන්න විදිහ ගැනයි.  

✈️ අරන් යන්න පුළුවන් baggage ගණන

🧳 baggage දෙකක් සහ ලැප්ටොප් බෑගයක් රැගෙන යා හැකියි. 


✈️ Main baggage එක එනම් ප්‍රධාන baggage එක තෝරා ගන්නේ කොහොමද?

🧳 බෑගයේ ප්‍රමාණය, ගෙනියන්න පුළුවන් බර මත තීරණය කරන්න.

🧳 සාමාන්‍යයෙන් ලංකාවේ නම් ගුවන් ගමන් වලදී රැගෙන යන්න පුළුවන් බර ප්‍රමාණය 30kgයි. ඒ නිසා බරින් සහ විශාලත්වයෙන් අඩු බෑගයක් තෝරා ගන්න.

🧳 බෑගය හොඳින් ඝනකම් විය යුතු අතර Handle එක හොඳ ශක්තිමත් එකක් වෙන්න ඕන.

🧳 බෑගයේ පතුලෙහි තිබෙන රෝද ඇතුලට තිබෙන එකක් නම් වඩාත් සුදුසුයි.


✈️  තෝරා ගත් Main baggage පිළිවෙලට අසුරගන්නේ මෙහෙමයි

🧳 රෙදි ඇසිරීමේදී මුලින්ම ඔබේ සපත්තු බෑගයේ වටේට අතුරන්න. එතකොට බඩු තැලෙන පොඩිවෙන එක අඩු කරගන්න

🧳 බෑගයේ ඇතුළත සාක්කු වලට පොඩි ඇඳුම්, යට ඇඳුම් එහෙම දාගත්තොත් ඉද ඇහිරෙන එක අඩු කරගන්න පුළුවන්.

🧳 ඇඳුම් නමන වි⁣ට රෝල් කරල නමා ගන්න.

🧳 ෂැම්පු බෝතල්, සුවඳ විලවුන් වගේ බෝතල් මැදින් දාගන්න.

🧳 බෑගය කොයි විදිහට ඇසුර ගත්තත් හැම ඉඩකම උපරිම විදියට දේවල් අසුරගන්න ඕන.


✈️ Hand baggage එක අසුරගන්න විදිහ

🧳 hand baggage එකේ ගෙනියන්න පුළුවන් 7kgක් වගේ ප්‍රමණයක්. - බරින් අඩු, කිලෝ 7ක් දාන්න පුළුවන් පිටේ එල්ලන් යන baggage එකක් ගන්න එක එක් පහසුයි.

🧳 අත්‍යවශ්‍ය ලියකියවිලි ටික hand baggage එකේ අසුරගන්න.

🧳 දවස් 4කට පමණ අවශ්‍ය බෙහෙත්, වෛද්‍යවරයකුගෙන් ලැබුණු ප්‍රෙස්ක්‍රිප්ශන් පතක් තියෙනවා නම් ඒකත් අමතක නොකර hand baggage එකට දාගන්න.

🧳 ඔබ ගෙනයන වටිනා ආභරණ අනිවාර්යයෙන් මේකට දාගන්න.

🧳 ඒවගේම තමයි ඔබ මතක තබාගත යුතු කරණක් නම්, ෂැම්පු, හෙයා ක්‍රීම් වැනි දියරමය කිසි දෙයක් hand baggage අරන් යන්න තහනම්.

🧳 දත් බෙහෙත් ගෙනියන්න අවශ්‍ය නම් මිලි ලීටර් 100 වඩා අඩු බෝතලයක දාගෙන hand bag එකේ රැගෙන යා හැකියි.

🧳 කතුරු, නේල් කටර්, කුඩා පිහි ආදී දේවල් hand baggage එකේ ගෙනයා සපුරාම තහනම්.

🧳 එමෙන්ම Hand baggage එකේ අනිවාර්යයෙන් එක ඇඳුමක් දාගන්න.

🧳 Phone එකේ චාජර් එක අමතක කරන්නත් එපා.   


✈️ Laptop බෑගය

🧳 Hand baggage එකට අමතරව ඔයාට laptop බෑගයක් ගෙනියන්න පුළුවන්. ඒකට නම් බර ප්‍රමාණය⁣ට ගණන් සඳහන් කරන්නේ නැහැ.


✈️ Baggageවල ආරක්ෂාව ගැනත් හිතන්න වෙනවා.

🧳 අනිවාර්යයෙන් main baggage එකේ ටැග් එකක් එල්ලන්න ඕන. නම, යන ස්ථානයේ ලිපිනය, තැපැල් අංකය, ඔයාගෙ දුරකථන අංකය (whatsapp) ආදිය විස්තර සටහන් සහිත tag එකක් බෑගයේ සිපර් එකේ එල්ලන්න. එතකොට baggage එක නැතිවුනොත් ඔයාට හොයා ගන්න ලේසියි. tag එකක් නම් book shop එකකින් ගන්න පුළුවන්.

🧳 ගමනාන්තය ආවට පස්සේ ආපු ගුවන් යානයට අදාළ බෙල්ට් එකට ගිහින් baggage එක ගන්න. උස්සන් යන්න බෑ වගේ නම් trolley එකකින් එළියට ගෙනියන්න පුළුවන්.



සැ. යු.

ඔයාල transit එකක් විදියට වෙනත් රටකදි flight එක මාරු කරනවා නම්, බෑග් වල බර ගැන දැනුවත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ගුවන් සමාගම් දෙකක නම් බර වෙනස් වෙන්න පුළුවන්. එකම ගුවන් සමාගමේ නම් මාරු වෙන flight එකේ රැගෙන යන බර ප්‍රමාණය ගැන ගැටළුවක් නැහැ. සාමාන්‍යයෙන් ගුවන් සමාගමින් සමාගමට බර ප්‍රමාණයන් වෙනස්. 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW