දණහිස් කළු වීම වළක්වන ක්‍රම 9ක්.

By Wayomi Oct 17, 2022 11:48 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මුහුණ අතපය සුදු වුණාට දණහිස් කළු වීම ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්.කොහොමත් ස්වාභාවිකව ගත්තොත් අපේ සිරුරේ හැමතැනම එක වගේ පැහැපත් නැහැ. ඇස් වටේ, කට වටේ, දණ හිස හා වැල මිටි වගේ තැන් වල අඳුරු පැහැයක් ගන්නවා. හැබැයි ඉතින් මේ අඳුරු පැහැ තැන් පැහැපත් කරන්න ඕන තරම් ස්වාභාවික ක්‍රම තියෙනවා.ඉතින් මේ කියන්න යන්නෙත් එවැනි ක්‍රම කිහිපයක් ගැනයි.

වැඩි වියදමකින් තොරව ගෙදරදීම පහසුවෙන්ම කළ හැකි සත්කාර කිහිපයක් මෙන්න.

දණහිස් කළු වීමට හේතු

🟣 හිරු එළිය නිරාවරණය වීම

🟣 ආතතිය

🟣 දූවිලි වැනි අපිරිසිදු දේවල් නිසා

🟣 ජාන ගැටළු

🟣 වියළි සම

🟣 හෝමෝන අසමතුලිතතාව

🟣 මැරුණ සම එකතුවීම


දණහිස් කළු වීම සදහා නිවසේදී කළහැකි සත්කාර


01. බේකිං සෝඩා සහ කිරි

🔅කිරි තේ හැදි 1කට සහ බේකිං සෝඩා තේ හැදි 1ක් මිශ්‍ර කරන්න.

🔅දැන් මෙම මිශ්‍රණය දණහිස මත ආලේප කර මිනිත්තු දෙක තුනක් රවුමට මෘදු ලෙස අතුල්ලන්න.

🔅සිසිල් ජලයෙන් සෝදන්න.


02. පොල්තෙල් හා වොල්නට්

🔅 පොල්තෙල් තේ හැදි 1 කට වොල් නට් තේ හැදි 1 ක් මිශ්‍ර කර දණහිස් මත තවරන්න.

🔅 දැන් මෘදුව පිරිමදිමින් අතුල්ලන්න.සිසිල් ජලයෙන් සෝදන්න. 03. හයිඩ්රජන් පෙරොක්සයිඩ්

🔅 3% හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල පොගවා ගත් කපු පුළුන් කැබැල්ලකින් ඔබේ දණහිස් පිස දමා විනාඩි 15 ක් තබන්න.

🔅 ඉන්පසු ජලයෙන් සෝදන්න.

🔅 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමේ මිය ගිය සෛල ඉවත් කරයි. එමගින් සම පැහැපත් කරයි.

🔅 ඔබේ සම සංවේදි නම් ජලයෙන් තනුක කල හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කරන්න.


03. ආමන්ඩ් තෙල්

🔅 ඔබේ ඇඟිලිවල ආමන්ඩ් තෙල් බින්දු කිහිපයක් ගෙන දණහිසට ආලේප කරන්න.

🔅 සමට තෙල් අවශෝෂණය වන පරිදි මිනිත්තු කිහිපයක් සම්බාහනය කරන්න.

🔅 ආමන්ඩ් ඔයිල් විටමින් E අනුනයි. ඒ මගින් ඔබේ දණහිස අවට සම අලුත්වැඩියා කර පැහැපත් කරයි.


04. කෝමාරිකා

🔅 කෝමාරිකා කොළ කපා ඇතුළත ඇති ජෙල් නිස්සාරණය කරන්න.

🔅 මෙම ජෙල් දණහිස මත ආලේප කර විනාඩි 15 සිට 20 දක්වා තබන්න. ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.

🔅 කෝමාරිකා ජෙල් සමේ තෙතමනය වැඩි දියුණු කරන අතර පාරජම්බුල කිරණ වලින් ආරක්ෂාව සපයයි.


05. ලෙමන්

🔅 ලෙමන් ගෙඩියකින් යුෂ මිරිකා දණහිස මත ආලේප කරන්න.

🔅 පැයක් හෝ සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් එය තබා ගන්න.

🔅 වතුරෙන් සෝදන්න.

🔅ලෙමන් යුෂ ඔබේ දණහිස පැහැපත් කරන විරංජක කාරකයකි.


06. විටමින් E තෙල්

🔅විටමින් E කැප්සියුල කිහිපයක් ගෙන එහි ඇති තෙල් දණහිස් වල ආලේප කරන්න.

🔅 ඔබ තෙල් හැදි එකහමාරක් හෝ දෙකක් පමණ ගන්න. එයට සිනී තේ හැන්දක් එකතු කරන්න.

🔅 දණහිස මත මෙය ආලේප කර රවුමට අතුල්ලා සෝදා දමන්න.

🔅 සීනි මගින් මිය ගිය සෛල ඉවත් කරන අතර විටමින් E මගින් සම අලුත්වැඩියා කරයි. සජලනය කරයි.


07. යෝගට්

🔅 විනාකිරි තේ හැදි 1 ක් හා යෝගට් තේ හැදි 1 ක් මිශ්‍ර කර දණහිස මත පේස්ට් එකක් ලෙස ආලේප කරන්න.

🔅 මිනිත්තු 15 සිට 20 දක්වා එය තබන්න.


08. අර්තාපල්

🔅 අර්තාපල් වලින් තරමක් ඝණකම පෙති කපා දණහිස මත මිනිත්තු කිහිපයක් අතුල්ලන්න.

🔅අර්තාපල් යුෂ මිනිත්තු 15 ක් පමණ තබා ඉන්පසු සෝදන්න.

🔅 අවපැහැ ගැන්වවූ සම පැහැපත් කරන අර්තාපල් වල මෘදු විරංජක ගුණ සහිතයි.

🔅 මේ මගින් අඳුරු සම පෝෂණය කර දීප්තිමත් කරයි .


09. කඩල පිටි

🔅 පිටි හැදි 2 කට යෝගට් හැදි 2 ක් මිශ්‍ර කර දණ හිස මත ආලේප කරන්න.

🔅 එය වියළීමට ඉඩ දෙන්න.

🔅 ඉන්පසු ඔබේ දණහිසෙන් රවුමට අතුල්ලමින් මිශ්‍රණය ඉවත් කර සෝදන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW