ස්වාභාවික බ්ලීචින් එකක් විදියට බීට් රූට් වලින් කොහොමද ලස්ස්න වෙන්නේ..
බීට් රූට් කියන්නේ හැමෝම දන්නේ එලවළුවක් විදියට. නමුත් රූපලාවන්‍ය කටයුතුවලදීත් ඉතා හොද අමුද්‍රව්‍යක් විදියට භාවිත කරන්න පුලුවන් දෙයක් තමයි බීට් රූට් කියලා කියන්නේ.
ස්වාභාවික බ්ලීචින් වර්ගයක් තමයි බීට් රූට් කියලා තියන්නේ.
ඒ අනුව තමන්ගේ හම ලස්සන කරගන්න කියලා හිතාගෙන ලෝකෙම තියෙන ක්‍රීම් වර්ග වෙනුවට බීට් රූට් වගේ දෙයක් භාවිත කරමින් ලස්සන වෙන්න පුලුවන්.
බීට් රූට්වලින් සමට ලැබෙන ප්‍රයෝජන මොනවද?
සම නිරෝගි කිරීම
සමට පෝෂණයක් ලබා දීම
සම සිනිදු කිරීම
සම ඇතුලාන්තයෙන් පෝෂණය කිරීම
සම පැහැපත් කිරීම
සමේ ලප කැලැල් ඉවත් වීම දුර්වර්ණ වීම අවම කිරීම
මේ දේවල් ලබා ගන්න නම් බීට් රූට් භාවිත කිරීම වැදගත්වෙනවා.
එහෙම බීට් රූට් භාවිත කරන්නම් නම් බීට් රූට් වලින් අපේ හමට ලබා ගන්නේ කොහොමද?
බීට් රූට් ඩ්‍රින්ක් එකක් විදියට ගැනීම.
පානයක් ලෙස බීට්රූට් භාවිතයට ගැනීම හොද වුණත් එය ශරීරය ඇතුලාන්තයෙන් ලබා ගැනීම හොද දෙයක් වුණත් දියවැඩියාව වගේ රෝග වලට එය එතරම් හොද දෙයක් නෙමෙයි
ඒ නිසා ඇතුලාන්තයෙන් ලබා ගැනීමට වඩා භාහිර ආලේපනයක් විදියට භාවිත කිරීම තමයි වඩාත් හොද වෙන්නේ.
භාහිර ආලේපනයක් විදියට භාවිත කරන්නේ කොහොමද?
පැක් එකක් විදියට ආලේප කිරීම. බීට් රූට් සහ අර්තාපල් ස්වල්පයක් ගෙන හොදින් බ්ලෙන්ඩර් කර මිශ්‍ර කර භාවිත කිරීම මගින් භාවිත කළ හැක.
බීට් රූට් ඉස්ම ගෙන මුහුණේ ආලෙප කර ස්වල්ප වේලාවක් තබා සෝදා හරින්න.