විකිණීමට යන ඉඩමට නියම වටිනාකම ලබාදෙන්නේ කොහොමද?

By Wayomi Aug 15, 2022 04:30 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හදිසියේ මුදල් අවශ්‍යතාවයක් වූ විටකදී, හෝ ආයෝජන අවස්ථාවන් වලදී ඔබ සතු ඉඩකඩම් විකුණනවා. හැබැයි සමහරු උත්සාහ කරන්නේ කුනුකොල්ලෙට ඔබේ ඉඩම මිලදී ගන්න. ඒත් මේ කියන්න යන්නේ ඉඩකඩම් විකිණීමේදී කපටි මිනිස්සුන්ගෙන් ආරක්ෂා වී ඔබටත් වාසි සැලසෙන ආකාරයට ඉඩමේ වටිනාකම රැක ගන්න හැටි.

🟣 ඉඩමක් විකුණද්දී මිලදී ගන්න එන පුද්ගලයාට උපරිම වටිනාකම අඟවන්න. ඒ සඳහා ඔබ තීරණය කරන්න ඕනෙ ඉඩම පිහිටලා තියන ප්‍රදේශය, පරිසරය අනුව ගැණුම්කරුවන් ඉලක්ක කරගන්න.

🟣 ඔබේ ඉඩමේ හිමිකාරීත්වය එහෙමත් නැතිනම් නීත්‍යානුකූල භාවය ඔප්පු කරන ලියකියවිලි සූදානම් කරගන්න. ඉඩමේ සැලසුම් ප්‍රාදේශීය සභාවේ සම්මත වී නැත්නම් ඒ කටයුතු සම්පූර්ණ කරන්න. ඔප්පු තිරප්පු පිටපත් සහ පැරණි ලියකියවිලි සූදානම් කරගත යුතු ඉඩමට අයත් හිඟ වරිපනම් ආදිය ගෙවන්නට තිබෙනවා නම් ඒවාත් ගෙවලා ඉවර කරන්න.

🟣 අවශ්‍ය වෙලාවේදී හැර අනෙක් වෙලාවට ඔබේ ඔප්පු තිරප්පු ආදී ලියකියවිලි ආරක්ෂිතව තබාගන්න.විශේෂයෙන් බ්‍රෝකරුවරුනගෙන්. ඔවුන් ඔබේ ඔප්පු පිටපත් ඉල්ලයි. ඒ වගේ වලාවට ඔවුන්ගේ එම ඉල්ලීම හිමින්සැරේ, කාරුණිකව ඉවතට දාන්න. මොකද ඔබේ වටිනා ලියකියවිලි අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීමෙන් ඉඩමේ ආරක්ෂාවට වගේම ඔබටත් තර්ජනයක් විය හැකියි.

🟣 ඉඩමේ මායිම් පැහැදිළිව බලාගත හැකි ආකාරයට ඉඩම සකස් කර තිබීම ගොඩක් වැදගත්. මායිම් කණු ආදිය කැඩී බිඳී ඇත්නම් ඒවා පිළිසකර කරන්න. - ගැණුම්කරුවන් ඉලක්ක කරගෙන පුවත්පත්වල, අන්තර්ජාලයේ හොඳ ප්‍රචාරණයක් ලබා දෙන්න.ලෑන්ඩ් සෙල් වලට නම් කීයටවත් ඉඩම දෙන්න එපා.

🟣 ඔබේ ඉඩමේ වාසිදායක දේවල් වගේම අවාසිදායක දේවල් ගැනත් දැනුවත්ව ඉන්න. ඒ වගේම කොතරම් මුදල් අවශ්‍යතාවයක හෝ හදිස්සියකින් ඔබ හිටියත් ඒ බව ගැණුම්කරුවන්ට දැනගැනීමට ඉඩ හරින්න එපා. ඉඩම විකීණීමේ හදිස්සියක් නැති බවත් “ඉඩමේ වටිනාකමට සරිලන මුදලක් නොලැබුණොත් ඉඩම ඔහේ තිබෙන්න හරින බවත් ඔවුන්ට අඟවන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW