තාමත් ඔයාට රියදුරු බලපත්‍රයක් නැද්ද.. රියදුරු බලපත්‍රයක් ලබා ගන්න ඔබ කළයුතු දේ...

Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Sithumini Jul 06, 2024 06:11 PM GMT
Report

හැමෝටම තියන සිහිනයක් තමයි වාහන සිහිනය කියලා කියන්නේ. බොහෝ දෙනෙක් කැමතිනේ වාහනයක් ගන්න.

නමුත් මේ වාහන ගන්න හිතුවට හැමෝටම රියදුරු බලපත්‍ර නැහැ. රියදුරු බලපත්‍රයක් ඔබට තිබෙනවනම් ඔබට වාහනයක් නැතත් වාහනයක් ගන්න පෙළඹවීමක් ඇති වෙනවා

අපේ රටේ හැටියට ලොකු ප්‍රවණතාවක් වාහන රියදුරු බලපත්‍රවලට නැති වුණත් ඇතැම් අය වයස අවුරුදු 18 පමණ වන විට රියදුරු බලපත්‍ර ලබා ගන්න පෙළඹෙනවා

අද අපි ඔබට කියන්න යන්නේ රියදුරු බලපත්‍රය ලබාගන්න නම් ඔබ කළ යුතු දේ පියවර

රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත් කෙරේ.

පළමු ක්‍රමය වන්නේ වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ ( මීගමුව උපකාර්යාලයක් පිහිටා ඇත) අනුරාධපුරය, යාපනය, මොණරාගල, නුවර දිස්ත්‍රික්ක කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමයට රියදුරු බලපත්‍ර ලබා ගැනීම.

දෙවන ක්‍රමය වන්නේ අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී සාමාන්‍ය පරිදි රියදුරු බලපත්‍ර ලබා ගැනීම.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට පහත සදහන් අවශ්‍යතා සපිරාලීම වැදගත් වෙනවා. අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.

ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.

මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගනු ලැබේ.

මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් අවශ්‍යවේ.

රියදුරු බල පත්‍ර කොටස් දෙකක් පවතිනවා.


සැහැල්ලු වාහන බලපත්‍රයක් ලබා ගැනීමට නම් වයස අවුරුදු 17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකියාව තිබෙනවා.

එහිදි ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් (Learner’s Permit) නිකුත් කරනු ලැබෙනවා


එමගින් එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු වීමට හැකියාව තිබෙනවා

ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිම මෙහිදි වැදගත් වෙනවා.

එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.

පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුළුව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක් ද හිමිවන අතර එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම්පත අවලංගු වීමද මෙහිදි සිදුවනවා.

සැහැල්ලු වාහන බලපත්‍ර ලබා ගැනීමට නම් අවශ්‍ය ලිපු ලේකන මොනවාද?

* * ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.

* උප්පැන්න සහතිකයේ මුල් පිටපත.

* මෙහිදී අදාල රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය.එහි ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපත හෝ ඉංශ්‍රිසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් නොවේ.

* ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

* විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා බලපත්‍රය.

එක්දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදුවන්නේ කෙසේද

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු කරනු ලබන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට, අනුරාධපුර හා වේරහැර රියදුරු බලපත් කාර්යාලවල පමණක් ක්‍රියාත්මක වනවා.

මෙහිදී නිකුත් කරනු ලබන ටෝකන් ප්‍රමාණය සීමා සහිත බැවින් පෙරවරුවේ පමණක් රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරගනු ලැබෙනවා.

සාමාන්‍ය සේවාව යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදුවන්නේ කෙසේද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවවේ සියලු දිස්ත්‍රක් කාර්යාලවල සහ වේරහැර කාර්යාලයේ ක්‍රියාත්මක වේ.

ඔයත් වාහන සිහිනයක ඉන්න කෙනෙක් නම් ඔබේ වාහන සිහිනය හැබෑ කරගැනීමේ මූලික පියවර තියන්න දැන් ඔබ දන්නවා.