ඔයාටත් රෑට නින්ද යන්නේ නැත්නම් මේ දේ කරලා බලන්න..(PHOTOS)
World Health Day
Skin Care
By Sithumini
සුව නින්දක් කියලා කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්.
මොකද හොද නින්දකින් පසුව එළැඹෙන දවස ඉතාම හොදින් ගත කරන්න පුලුවන්. ඒ සදහා අවශ්‍ය ශක්තිය ලබා ගන්න අපිට පුලුවන් නිසා.
ඒ නිසාම රෑට ඉතා ඉක්මනින් නින්දට යන එක කාටත් හොදයි. මොකද ඔබට මීළග දිනය හොදින් අර්ථාන්විතව ගත කරන්න හැකියාව තියෙන නිසා.
ඔයත් සුව නින්දක් ලබා ගන්න පහත දේවල් අත්හදා බලන්න.
- නින්දට පෙර දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපාංගවලින් ඉවත්වන්න. මොකද එමගින් ඔබේ නින්ද තවත් ප්‍රමාදයට පත්කිරීමට ඇති ඉඩ වැඩියි.
- නින්දට පෙර පොතක් කියවන්න. එමගින් ඔබේ නින්ද වේගවත් වෙයි.
- ඔබේ ඇද ඇතිරිලි සහ කොට්ට උර නිතරම පිරිසිදු කරන්න කලෝන්ග් වර්ගයක් නින්දට පෙර ඔබේ ඇදුම් සහ කොට්ට උරයට යොදන්න. එමගින් ඔබට ඉක්මනින් නින්ද ලබාදීමට හැකි පරිසරයක් සැකසෙයි.
- කෝපි සහ තේ වගේ පාන වර්ග නින්දට පෙර පානය කිරීමෙන් වළකින්න. එවැනි පාන ඔබේ නින්ද අඩු කිරීමට පෙළඹවෙයි.
-
සෑමවිටම සැහැල්ලු ආහාරයක් රාත්‍රිය සදහා තෝරාගන්න.